උෂ්ණාධික ගිම්හානයට නැවුම් චමත්කාරජනක බවක් ගෙන දෙන සිසිල් සුළං නාදය


ජපානය උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යයි

.

බටහිර ජපානයේ Kyoto ප්‍රාන්තයේ Ujitawara නගරයේ Shoujuin විහාරස්ථානයේ පෙර වසර වල මෙන් මේ වසරේදීත් සුළං සීනු 2,000 කට වඩා සංඛ්‍යාවක් යොදාගනිමින් සුළං නාද මංගල්‍යයක් ක්‍රියාත්මක වන අතර එහිදී එම ස්ථානයට පැමිණෙන නරඹන්නන් හට සුළඟ හමන සෑම විටම සීනු වලින් නැගෙන සිසිල් ශබ්ද භුක්ති විඳීමට අවස්ථාව හිමිවේ. 

 

Uji තේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන Ujitawara නගරය කඳුකරයේ පිහිටා ඇති අතර ගිම්හානයේදී Kyoto නගරයට සාපේක්ෂව සෙල්සියස් අංශක 5කින් පමණ සිසිල් වන බව පැවසේ. එනිසා මෙවැනි දේශීය ලක්ෂණ ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රවණය, ඇස් පෙනීම ඇතුළු පංච ඉන්ද්‍රියයන් තුළින් නරඹන්නන් සිසිල් කිරීම සඳහා මෙම උත්සවය 2011 වසරේදී ආරම්භ කළ බව සඳහන් වේ. 

 

සුළං නාදයේ ශබ්දය මගින් නපුරු ආත්මයන් සහ ඔවුන් ගෙන එනු ඇතැයි සිතූ ව්‍යසන සහ වසංගත පලවා හරින බවට මීට පෙරදී ජනතාව විශ්වාස කළ අතර ප්‍රධාන ශාලාවට ඇතුල් වන ස්ථානයේ සිට ප්‍රධාන ශාලාවට පිවිසෙන මාර්ගයේ වූ ගල් පදික වේදිකාවක් මත දිගින් මීටර් 8ක් , පළලින් මීටර් 2ක් සහ උසින් මීටර් 3ක් වන පරිදි " කෘතිම වර්ණවත් මල් සහිත සුළං සීනු එල්ලූ කුඩා මාවතක්" නිර්මාණය කර තිබේ. ජූලි මස මුල් කාලයේදී Hydrangeas මල් වල දම් පැහැය ප්‍රදර්ශනයට එක් කෙරෙන නමුත් සමය අනුව සූරියකාන්ත සහ Cosmos ඇතුළු අනෙකුත් මල් භාවිතයෙන් සීනු වල පැහැය වෙනස් කිරීම සිදු කෙරේ .

 

නරඹන්නන් වෙනුවෙන් පන්සල් භූමිය දිනපතා පෙරවරු 9.00 සිට සවස 4.30 දක්වා විවෘතව පවතින අතර ඇතුල් වීමේ ගාස්තුව රසකැවිලි කිහිපයක් ද ඇතුළත්ව යෙන් 800 වේ. උත්සවය සැප්තැම්බර් 18 දක්වා ක්‍රියාත්මක වන අතර සති අන්තයේදී, ජාතික නිවාඩු දින වලදී, එළැඹෙන අගෝස්තු මාසයේ හිමිවන Bon නිවාඩු දින වලදී සහ අනෙකුත් කාර්යබහුල කාලවලදී පමණක් ප්‍රදර්ශන භූමියට ඇතුළුවීම සීමා සහිත වන නමුත් අනෙක් සෑම දිනයකදීම භූමිය නරඹන්නන් සියලු දෙනාටම විවෘතව පවතී.

175 Views

Comments