ජාතික සංස්කෘතික දෙපළක් බවට පත්වූ ජපානයේ තාක්ෂණික පාලම


Chikugo Lift පාලම සංස්කෘතික දේපළක් බවට පත්වේ

.

නිරිතදිග ජපානයේ Kyushu කලාපයේ විශාලතම ගංගාව වන Chikugo ගඟ හරහා සිරස් සෝපාන පාලමක් ලෙස නවීනතම ජපන් ඉංජිනේරු විද්‍යාව යොදාගනිමින් 1935 දී ඉදිකරන ලද කරන ලද Chikugo Lift පාලම දිගින් මීටර් 507ක් පමණ වන අතර එවකට දුම්රිය අමාත්‍යාංශයේ Saga දුම්රිය මාර්ගයේ කටයුතු වෙනුවෙන් මෙය ඉදිකර තිබේ. 

 

Fukuoka ප්‍රාන්තයේ Okawa නගරය සහ Saga නගරය අතරින් ගලා යන ගංගාව හරහා ඉදිකළ මෙම පාලමේ මීටර් 24ක් දිග සෝපාන කොටස දෙපස මීටර් 30ක් පමණ උසින් යුතු වානේ කුළුණු දෙකක් පිහිටා ඇති අතර, එහි සෝපාන කොටසට සමාන වන පරිදි ටොන් 48ක ප්‍රති බරක් ක්‍රියාත්මක වේ.

 

එවකට සේවයේ නියුතුව සිටි දුම්රිය අමාත්‍යාංශයේ ඉංජිනේරුවන්ගේ මෙන්ම Taneyoshi Sakamoto සහ Gonbe Inaba හි ඉංජිනේරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම පාලම ඉදිකර තිබේ. ජාතික වැදගත් සංස්කෘතික දේපලක් ලෙස නම් කරන ලද ජපානයේ දැනට පවතින පැරණිතම සෝපාන පාලම වන මෙය වර්තමානයේදී දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉමහත් ආකර්ෂණයට

ලක්ව ඇති බව සඳහන් වේ.

112 Views

Comments