පාතාල සාමාජිකයන් දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු  කපා කොටා දමා යයි


පාතාල සාමාජිකයන් දෙපිරිසක් අතර ගැටුමෙන් පුද්ගලයකු මරුමුවට පත්වේ

.

පසුගිය ජූලි 2 වැනි දින රාත්‍රි කාලයේදී පාතාලයේ ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර ඇති වූ බවට සැක කෙරෙන ආරවුලක් හේතුවෙන්   ජපානයේ Tokyo අගනුවර Toei Shinjuku උමං මාර්ගයේ Shinozaki දුම්රිය ස්ථානයට කිලෝමීටර් 2ක් පමණ බටහිරින් පිහිටි නේවාසික ප්‍රදේශයක දී Yamaguchi-gumi සාමාජිකයකු ලෙස සලකන වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයකුගේ වම් කකුල පිහියකින් කපා දමා ගොස් තිබේ. 

 

"Edogawa Ward හි පදිංචිකරුවෙකු විසින් රාත්‍රී 9.20 ට පමණ 'මිනිසුන් දෙදෙනෙක් වීදියක රණ්ඩු වෙනවා' යනුවෙන් පවසමින් හදිසි ඇමතුමක් ලබා දුන් බවත් පොලිසිය එම ස්ථානයට ළඟා වන විටත් Kobe Yamaguchi-Gumi පාතාලයට සම්බන්ධ යැයි විශ්වාස කරන වයස අවුරුදු 30 ක පමණ වූ පුද්ගලයෙකු 'මට එයට කිසිදු සම්බන්ධයක් නැත' යනුවෙන් පවසමින් එම ස්ථානයෙන් පලා ගිය බවත් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ පාලන අංශය විසින් ජූලි 3 දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

 

Kobe Yamaguchi-gumi හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුට සම්බන්ධ ගොඩනැගිල්ලක් එම ස්ථානය ආසන්නයේ පිහිටා ඇති බැවින් මෙම සිදුවීම Yamaguchi-gumi සහ එයින් වෙන්ව ගිය Kobe Yamaguchi-gumi කණ්ඩායම අතර ඇති වූ ආරවුලක් බවට අපරාධ විමර්ශන අංශය විසින් සැක පළ කර ඇත .

 

කෙසේ නමුත් මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති අතර පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ තුවාල සුව වීමට සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.

130 Views

Comments