මාරාන්තික නායයෑමේ පළමු අනුස්මරණ සංවත්සරය පැවැත්වේ


Atami ප්‍රදේශයේ සිදු වූ සිදු වූ දරුණු නාය යෑම අනුස්මරණය කෙරේ.

.

Shizuoka ප්‍රාන්තයේ Atami වෙරළබඩ නගරය සහ එහි ජීවත් වූ වැසියන් කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව එක්වරම ඇතිවූ මාරාන්තික නායයෑමක් මගින් මීට වසරකට පෙර විනාශයට පත් වූ අතර එහිදී මියගිය සහ අතුරුදහන් වූවන් සියලුදෙනා අනුස්මරණය කිරීම වෙනුවෙන් විපතට පත් පවුල් වල සාමාජිකයන් සහ නගර නිලධාරීන් ජූලි 3 දින Izusan හි නාය ගිය ස්ථානයේ පිහිටුවා තිබූ තාවකාලික පූජාසනය අසලට රැස් වී මොහොතක නිශ්ශබ්දතාවක් සහ සුවඳ දුම් සහිත යාඥාවක් පවත්වා තිබේ. 

 

පෙරවරු 10.28 ට  ආසන්න වේලාවකදී ව්‍යසනය ආරම්භ වී සුළු මොහොතකට පසුව එක්  විනාඩියකට පමණක් සයිරන් හඬක් නැඟී තිබූ අතර මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් තවත් එක් පුද්ගලයෙකු අතුරුදහන් වීම සිදුවිය. 

 

“මඩ ගලායාම මගින් ජනතාවගේ සුවපහසු එදිනෙදා ජීවිතය උඩු යටිකුරු කළේය. ඒ සඳහා කාලය ගතවනු ඇත, නමුත් ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිතව ජීවත් වීමට හැකි වන පරිදි යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මම පූර්ණ උත්සාහයක් දරමි" යනුවෙන් අනුස්මරණ උත්සවයට සහභාගී වෙමින් Atami නගරාධිපති Sakae Saito සදහන් කළේය. 

 

නාය යෑමෙන් තම මව මිය ගිය 54 හැවිරිදි විපතට පත් වූවන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා මෙහිදී කියා සිටියේ , “මඩ කන්දරාව ඇගේ ජීවිතය නැති කරන මොහොත දක්වා ඇයට දැනුණු භීෂණය ගැන සිතමින් මට නිශ්චලව සිටිය නොහැකියි. මෙහිදී  හේතුව තීරණය කර විපතට පත් සියලු දෙනා වෙනුවෙන් වගකිව යුත්තන්ට එරෙහිව අපි නඩු පැවැරීමට පියවර ගන්නෙමු " යනුවෙනි.

85 Views

Comments