ජපානයේ Tokyo නගරයේ Minato Ward හි හි Shiba - koen දිස්ත්‍රික්කයේදී 1957 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කර 1958 වර්ෂයේ දෙසැම්බර් 23 දින ඉදිකිරීම් අවසන්ව විවෘත කරන ලද " Tokyo කුළුණ " ප්‍රංශයේ පිහිටා ඇති Eiffel කුළුණ ආශ්‍රිතව නිර්මාණය කරන ලද දැලිස් සහිත සන්නිවේදන සහ නිරීක්ෂණ කුළුණක් ලෙස හැඳින්විය හැකිය.
මහල් 16 කින් සමන්විත වන සහ උසින් මීටර් 332.9 ක් වන මෙම කුළුණ ජපානයේ දෙවන උසම ව්‍යුහය ලෙස සැලකෙන අතර මෙහි ඉදිකිරීම් පිරිවැය යෙන් බිලියන 2.8 ක් වන බවට ගණනය කර තිබේ. මෙය ගුවන් ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූල වන පරිදි සුදු සහ ජාත්‍යන්තර තැඹිලි පැහැය යොදාගනිමින් වර්ණාලේප කර ඇත.
නවීන ගෘහ නිර්මාණ ශිල්පය යොදාගනිමින් නිර්මාණය කරන ලද Tokyo කුළුණ Tachū Naitō නම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ සහ Nikken Sekkei ඉංජිනේරුවාගේ බුද්ධිමය දායකත්වයෙන් සහ Takenaka කොන්ත්‍රාත් සමාගමේ ශ්‍රම දායකත්වයෙන් ගොඩනැගී තිබේ. කුළුණ නැරඹීමට පැමිණෙන සංචාරකයන් හට එහි පිහිටා ඇති කෞතුකාගාර, අවන්හල් සාප්පු සංකිර්ණ සහ කුළුණේ නිරීක්ෂණාගාරය වෙත පිවිස අග්‍රගණ්‍ය අත්දැකීමක් ලබා ගැනීමට මෙහිදී හැකියාව ලැබේ.