මැතිවරණය හේතුවෙන් වැඩි මිල ගණන් සහ අවම මාසික වැටුප් කෙරෙහි නව අවධානයක් යොමු වෙයි


මෙවර ජපාන මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් බවට ජපාන අධික උද්ධමනය පත්වෙයි

.

ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණයට සතියක් වැනි ඉතා සුළු කාලයක් ඉතිරිව තිබියදීත් , පාරිභෝගික මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් පසුගිය කාලය පුරාවටම උණුසුම් වාද විවාදවල නිරත වූ නමුත් එයට ස්ථිර පිළියමක් සොයාගැනීමට නොහැකි වූ බැවින් අවම වශයෙන් සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ අවශ්‍යතාවයට ප්‍රමුඛත්වය ලබා දීමට බොහෝ දෙනෙකු එකඟ වී තිබේ. 

 

“විවාදාත්මක ලොකුම කාරණය වන්නේ ජීවන වියදම ඉහළ යාමයි. අගමැති Fumio Kishida ගේ නායකත්වයෙන් යුත් රජය මිල වැඩිකිරීම් පාලනය කිරීමට අපොහොසත් වී ඇත. ජාතියේ අවශ්‍යතා අතරට තිරිඟු මිල පහත හෙළීම ඇතුළත් විය යුතුය " යනුවෙන් ප්‍රධාන විපක්ෂය වන ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධානී Kenta Izumi මෙහිදී අදහස් දක්‌වමින් කියා සිටියේය. 

 

" තම පක්ෂය අවම වැටුප් ඉහළ නැංවීමේ ප්‍රතිපත්ති කෙරෙහි නව අවධානයක් යොමු කරන බවත්, අර්ධකාලීන හෝ තාවකාලික කොන්ත්‍රාත්තුවල යේදී සිටින අක්‍රමවත් කම්කරුවන්ට නිත්‍ය සේවක තත්ත්වයට මාරුවීමට හැකිවන පරිදි ක්‍රියාපිළිවෙළක් සකස් කරන බවත්" ඔහු මෙහිදී තවදුරටත් අදහස් දක්‌වමින් සදහන් කළේය.

 

“අපි වැටුප් වැඩි කිරීම සඳහා ක්‍රියාශීලීව කටයුතු කරන සමාගම් වෙනුවෙන් නව ක්‍රමවේද ප්‍රවර්ධනය කරමින් සිටිමු. අපි අවම වැටුප් යෙන් 1,000 හෝ ඊට වඩා වැඩි කිරීමට ඉලක්ක කරගෙන සිටිමු" යනුවෙන් මෙහිදී ගොඩ නැගුනු තර්කය බිඳ හෙලමින් දැනට පාලනයේ නිරතව සිටින LDP හි ප්‍රධානියා වූ Kishida පැවසීය.

Comments