ජපාන සත්වෝද්‍යානයේ ප්‍රදර්ශනයට තබා තිබෙන හුරුබුහුටි සිංහ පැටවා  


ජපාන සත්වෝද්‍යානයේ හුරුබුහුටි සිංහ පැටවකු උපදී

.

බටහිර ජපානයේ Ehime ප්‍රාන්තයේ Tobe නගරයේ පිහිටා ඇති Tobe සත්ව විද්‍යා උද්‍යානයේදී පියා වූ 8 හැවිරිදි Neo ට සහ මව වූ 7 හැවිරිදි Sakura ට දාව මැයි 5 දින උපත ලැබූ සිංහ පැටවෙකු ජූලි 5 වන දින සත්වෝද්‍යානයේ මහජන ප්‍රදර්ශනය සදහා තබා තිබූ අතර පැටවාට තැබීම සඳහා නමක් යෝජනා කරන ලෙස සත්වෝද්‍යානය නරඹන්නන්ගෙන් ඉල්ලා සිටී. 

 

දරු ප්‍රසූතියෙන් පසු ආහාර අරුචිය ඇති වී Sakura රෝගාතුර වූ බැවින් පැටවාට සති 3 ක් පමණ වන විට කෘතිම කිරි දීමට පටන් ගෙන තිබේ. පසුකාලීනව මවගේ සහ දරුවාගේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත් වී ඇති අතර පැටවාගේ උපත් බර කිලෝග්‍රෑම් 1ක් සහ උපතේදී හිසේ සිට උකුල දක්වා දිග සෙන්ටිමීටර් 30ක් පමණ වූ බව සඳහන් වේ. ඔහු තම මවගෙන් වෙන් වී කෘත්‍රිම කිරි උරා බීමට මාරු වූ පසු සන්සුන්ව කාලය ගත කිරීමට පටන් ගෙන ඇති බව පැවසේ. 

 

සත්වෝද්‍යාන පාලකයෙකු දැකීමට නොහැකි වූ විටෙක හැඬීමට හුරුවී ඇති මෙම සිංහ පැටවා, 43 හැවිරිදි සත්වෝද්‍යාන පාලකයෙකු වූ Kazuma Shimizu සමඟ ඉඳහිට සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වයි. කිරි සහ අඹරන ලද මස් මගින් පෝෂණය වන සිංහ පැටවාගේ සජීවී දර්ශන මහජන ප්‍රදර්ශනයට දිනකට පෙර මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර සත්වෝද්‍යානය වසා ඇති දිනවල හැර අනෙක් සෑම දිනකම දහවල් 12.45 සිට 1.45 දක්වා වූ කාලය තුළදී නරඹන්නන් හට සිංහ පැටවා දැකබලා ගැනීමට අවස්ථාව හිමිවේ.

110 Views

Comments