ජපානයේ තොරතුරු තාක්ෂණ, හෙද, සාත්තු සේවක, හෝටල්, කර්මාන්ත සහ කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයින්ට ලබාදීම සදහා අපි අවශ්‍ය පියවර ගන්නවා. ඒ සම්බන්ධයෙන් ජපාන නියෝජිත පිරිසක් සමගත් මම සාකච්ඡා කළා.
වසරකට හෙද සහ සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා 2000ක් තොරතුරු ක්ෂේත්රයේ රැකියා 1000ක් , කර්මාන්ත සහ කෘෂි ක්ෂේත්රයේ රැකියා 500ක් සහ හෝටල් ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට මෙම නියෝජිත කණ්ඩායම සමග සාකච්ඡා කළා.
ජපානයට අනුබද්ධිත කේ.අයි.යූ විශ්ව විද්‍යාලයේ ජපාන නියෝජිතයින් වන පූජ්‍ය මිචි කියුරා ස්වාමීන්වහන්සේ, ඊසෝ සකී මහතා, ශෝධා මහත්මිය සහ කේ.අයි.යූ. විශ්ව විද්‍යාලයේ සභාපති ආචාර්ය ජගත් සෙනවිරත්න මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.