සහෝදරයාගේ හිස් කබල කසළ බෑගයට දැමූ සොහොයුරා


සොයුරාගේ ඝාතනයට සැක පිට පුද්ගලයකු අත්අඩංගුවට ගනියි

.

පසුගිය ජූනි 21 වන දින Tokyo ප්‍රාන්තයේ Adachi Ward හි ප්‍රතිචක්‍රීකරණ කම්හල වෙත නගරයේ සෑම ස්ථානයකින්ම රැගෙන පැමිණි අපද්‍රව්‍ය අතරට මිශ්‍ර වී මිනිස් හිස් කබලක් සහ හකු අස්ථියක් ලැබී තිබූ අතර එය කුමන නිවසකින් හිමිවූවක් ද යන්න සොයාබැලීම සඳහා හිස්කබලෙන් දන්ත කොටස් ලබා ගෙන වෛද්‍ය පර්යේෂණයක් සදහා යොමුකර තිබේ . 

 

එහි ප්‍රතිඵල වාර්තාව මගින් එම හිස් කබල Kita Ward හි පදිංචිව සිටි 67 හැවිරිදි Hideo Murai ගේ ලෙස හඳුනා ගෙන තිබූ අතර ඔහුගේ හිස් කබල සහිත බෑගය තුළ තිබී හමුවූ ඔහුට අයත් බවට සැක කෙරෙන නම සහිත බැංකු කාඩ්පත මගින් එය සනාථ වී ඇති බව වාර්තා වේ . 

 

Tokyo මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය සම්බන්ධ අඛණ්ඩ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් නීතිවිරෝධී ලෙස මිනිස් සිරුරු බැහැර කිරීමේ චෝදනාව මත පසුගිය ජුනි 29 වන දින මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරා වන 68 හැවිරිදි Shoichi Murai නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවැසීය . 

 

නමුත් Murai ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තමාට තම සහෝදරයාගේ කාමරයේ ඇටකටු හමු වූ බවත් ඒවා අනුරූ යැයි උපකල්පනය කරමින් බැහැර කළ බවත් පවසා ඇත . එකම නිවස බෙදාගෙන වාසය කළ ඔවුන් දෙදෙනා අවසන් වරට 2017 මාර්තු මාසයේදී කතා කර ඇති අතර “ඔහු කොහේ හෝ රෝහල් ගත කර ඇත්දැයි මම කිහිපවරක් කල්පනා කළෙමි” යනුවෙන් Murai පොලීසියට පවසා තිබේ.

109 Views

Comments