මෙහෙයුම් විරාමයක්' ලබාගත් රුසියානු හමුදාවෝ


රුසියාව තාවකාලිකව තම ප්‍රහාර නවත්වයි

.

යුක්‍රේනය තුළ අඛණ්ඩ ප්‍රහාර මාලාවක් දියත් කරමින් සිටි රුසියානු හමුදාව යළිත් වරක් අතිවිශාල ප්‍රහාරයක් එක්වර දියත් කිරීම සඳහා සිය හමුදා ඛණ්ඩයන් එක්රැස් කිරීමට උත්සාහ ගනිමින් සිටින බැවින් එරට තුළ දියත් කළ ප්‍රහාර මාලාව තාවකාලිකව ලිහිල් කර ඇති බවට විදේශ විශ්ලේෂකයෝ අදහස් පළ කළහ. 

 

යුධ අධ්‍යයනය සඳහා වූ ආයතනයට අනුව බදාදා දින රුසියානු හමුදාවන් යුක්‍රේනය තුළ දියත් කළ "දින 133ක යුද්ධයෙන්" ප්‍රථම වතාවට කිසිදු ප්‍රකාශයක් හෝ තක්සේරු කරන ලද භෞමික ජයග්‍රහණයක් හෝ නිවේදනය කර නොතිබූ අතර "වඩා වැදගත් ප්‍රහාරක මෙහෙයුම් සඳහා කොන්දේසි සැකසීමට සහ එවැනි වඩාත් අභිලාෂකාමී ව්‍යාපාර සඳහා උත්සාහ කිරීමට අවශ්‍ය සටන් බලය නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කරන මොහාතක රුසියානු හමුදා සාපේක්ෂව කුඩා පරිමාණ ප්‍රහාරාත්මක ක්‍රියාවන්ට සීමා වනු ඇත" යනුවෙන් වොෂින්ටනය පදනම් කරගත් බුද්ධි අංශ ආයතනය සදහන් කළේය. 

 

මෙහිදී බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් කියා සිටියේ රුසියාව සිය හමුදාව යළි ප්‍රතිසංවිධානය කරමින් සිටින බව තමන් සිතන බවයි .  "Donetsk හි ඉදිරි පෙළ දිගේ පුපුරා යන දරුණු වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කිරීම මගින් මෙවර රුසියානු ජයග්‍රහණය ලබා ගැනීමට ඔවුන් අදහස් කරගෙන සිටින බව" බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද අමාත්‍යාංශ බුද්ධි තක්සේරු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

151 Views

Comments