මුදල් සහතික කිරීමේ ඉහළ සීමාවට වඩා දිගු කාලීන අස්වැන්න ඉහළ යාම ලිහිල් කිරීම වෙනුවෙන් ජපාන බැංකුව ගත් උත්සාහයෙන් අනතුරුව පසුගිය ජුනි මාසයේදී යෙන් ට්‍රිලියන 16.20 ක (ඩොලර් බිලියන 119 ක) වටිනාකමකින් යුතු රජයේ බැඳුම්කර ප්‍රමාණයක් මිලදී ගෙන මාසික වාර්තාවක් පිහිටුවීමට ජපාන බැංකුව පියවර ගෙන ඇති බව එහි දත්ත වාර්තා මගින් බ්‍රහස්පතින්දා පෙන්වා දී තිබේ .
දිගුකාලීන පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වසර 10 ක ජපන් රජයේ බැඳුම්කර ඵලදාව පිළිබඳ මිණුම් දණ්ඩ මත 0.25 % සීමාව ආරක්ෂා කර ගැනීම සඳහා BOJ විසින් මෙම පියවර ගෙන ඇති බව පැවැසේ. එක්සත් ජනපදය හා යුරෝපීය තම ප්‍රතිපත්තිය දැඩි කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් 'යෙන්' හි අගය පහත වැටීම ආරම්භ වී ඇති අතර එම රටවලට සාපේක්ෂව අතිශය අඩු පොලී අනුපාත පවත්වා ගැනීම සඳහා මහ බැංකුවේ බැඳුම්කර මිලට ගැනීමේ ව්‍යාපාරය පසුගිය මාසයේදී වෙනස් වී ඇත .
මීට පෙර එවැනි ඉහළම මාසික බැදුම්කර අගයක් 2016 අප්‍රේල් මාසයේදී මිලට ගෙන තිබූ අතර එහි වටිනාකම යෙන් ට්‍රිලියන 11.58 ක් බව සඳහන් වේ .
ප්‍රතිපත්ති සාමාන්‍යකරණය කිරීම පිලිබදව සලකා බැලීමට තවමත් කාලය පැමිණ නැති බව ජපාන බැංකුවේ ආණ්ඩුකාර Haruhiko Kuroda විසින් මීට පෙර ප්‍රකාශ කර තිබූ නමුත් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ" මූල්‍ය ලිහිල් කිරීමෙන් පිටවීමක් ගවේෂණය කිරීමට
තීරණය කරන විට BOJ හි ඉදිමුණු ශේෂ පත්‍රය එයට අභියෝගයක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි."