ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය හෙළි කිරීම විශාල සමාගම් වලට අනිවාර්යය කෙරේ


සමාගම් වල නිසි වැටුප් ප්‍රමාණය හෙළි කරන ලෙස ජපානයේ සමාගම් වලට නියෝග කෙරේ

.

කම්කරු අමාත්‍යාංශය විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැටුප් පරතරය සම්බන්ධයෙන් වන ආඥාපනත මීට පෙරදී සංශෝධනය කළ බැවින්, විශාල සමාගම් විසින් තම සේවකයන් වෙත ලබාදෙන වැටුප් වල පරතරය ඔවුන්ගේ වෙබ් අඩවිවල හෝ වෙනත් ක්‍රම මගින් ඔවුන්ගේ ව්‍යාපාරික මූල්‍ය වර්ෂය අවසානයේ සිට මාස තුනක් ඇතුළත කාලානුරූපීව හෙළි  කිරීම මේ වනවිට අනිවාර්ය වී තිබේ .

 

අනෙකුත් දියුණු රටවලට සාපේක්ෂව ජපානය තුළ ඉහළ මට්ටමක පවතින ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අවම කිරීම සහ ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට ව්‍යාපාර දිරිමත් කිරීම මෙම නව ක්‍රියාමාර්ගයේ අරමුණ ලෙස දක්වා තිබිණි. 

 

ජුලි 8 වන දින සිදු කරන ලද ආඥාපනතේ සංශෝධන මගින් ජපානයේ සේවකයින් 300 කට වඩා සිටින සමාගම් 18,000 ක් ආවරණය කෙරෙන අතර එවැනි සමාගම්වල තොරතුරු හෙළි කළ යුතු ලැයිස්තුවට “ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය” නමින් නව අයිතමයක් එක් කිරීම සිදුවිය. 

 

මෙහිදී සියලුම සේවක සේවිකාවන්ගේ සාමාන්‍ය වැටුප සියලුම පිරිමි සේවකයන්ගේ සාමාන්‍ය වැටුප සමඟ සංසන්දනය කිරීමටත්, පිරිමින්ගේ වැටුපෙන් කාන්තාවකට ප්‍රතිශතයක් ලෙස  ගෙවන අගය හෙළි කිරීමටත් සමාගම් වලට අනිවාර්ය කෙරිණි .

Comments