ජපානයේ සහ එක්සත් ජනපදයේ මූල්‍ය ප්‍රධානීන්  එකිනෙකා හමුවෙයි 


ජපානයේ සහ එක්සත් ජනපදයේ සබඳතා තවත් තීව්‍ර වෙයි

.

එළැඹෙන අගහරුවාදා දින Tokyo නගරයේදී එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් Janet Yellen සහ ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට මෙන්ම ප්‍රධානීන් දෙදෙනාම ජපාන අගනුවර ප්‍රධාන වරායක් වන Yokohama වෙත ගොස් විශ්වාසදායක ආර්ථික හවුල්කරුවන් සමඟ ඔරොත්තු දෙන සැපයුම් දාමයන් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඉදිරිපත් කිරීමට පියවර ගනු ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සිකුරාදා දින වාර්තා කළේය . 

 

"Yellen සහ Suzuki දෙරටටම බලපාන ආර්ථික ගැටලු මාලාවක්  පිළිබඳව අදහස්‌ හුවමාරු කර ගනු ඇති නමුත් ඔවුන්ගේ සාකච්ඡාවලදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යෙන් අගය සීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම කෙරෙහි අවධානය යොමු කරන්නේ දැයි නිශ්චිතව අදහස් නොදැක්වූ බව" සම්පත් ආනයනය කරන ආසියානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය. 

 

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් Moscow වලට එරෙහිව පනවන ලද සම්බාධක තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිදුකරනු ලබන සාකච්ඡාවලට අමතරව, Moscow වෙත හිමිවන ආදායම සීමා කිරීම වෙනුවෙන් රුසියානු තෙල් සඳහා මිල සීමාවක් නියම කිරීම පිළිබඳව Yellen ජපාන නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරගෙන සිටින බවත් දෙරට අතර ඒකාබද්ධ වැඩසටහන් සඳහා ජපානය දක්වන “නොසැලෙන සහයෝගය” සඳහා ජපානයට ඇයගේ කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමට Yellen බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් අදහස් දක්‌වමින් කියා සිටියේය.

87 Views

Comments