ජුලි 10 වන ඉරිදා දින ජපානයේ ඉහළ මන්ත්‍රී මණ්‌ඩලයේ සාමාජිකයින් තේරී පත්කර ගැනීම වෙනුවෙන් පැවැති මැතිවරණයේ දී මීට පෙර බලාත්මක කරන ලද නීතිය අනුව 18 ට වැඩි සෑම පුරවැසියෙක් සදහාම ජන්ද අයිතිය හිමිවීම සිදුවිය.
ජපානයේ ද්වීමණ්ඩල ව්‍යවස්ථාදායකයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වන නීති සම්පාදකයින් වසර හයක කාලයක් සේවය කළ යුතු වන අතර සෑම වසර තුනකට වරක්ම සභා ගර්භයේ ආසනවලින් අඩක් ඉලක්ක කර ගනිමින් මෙලෙස මැතිවරණයක් පැවැත්වීම සිදු කෙරේ .
මෙවර ආසන 248 න් 124 ක් සඳහා මැතිවරණය ක්‍රියාත්මක වන අතර ඉතිරි අනෙක් භාගයේ පුරප්පාඩු පිරවීම සඳහා තවත් මැතිවරණයක් පැවැත්වේ. පෙරදී සභා ගර්භයේ ආසන 245ක් පමණක් පැවැතියද මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණයේ කොටසක් ලෙසින් නව ආසන තුනක් එක් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාට තම අභිමතය පරිදි මැතිවරණයක් සඳහා මන්ත්‍රී මණ්‌ඩලය විසුරුවා හැරිය හැකි වන අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හෝ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නීති සම්පාදකයන් මෙන් නොව, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් පූර්ණ කාලීනව සේවය කරනු ලබයි .
ඡන්දදායකයින් මැතිවරණයේදී ඡන්ද පත්‍රිකා දෙකක් ප්‍රකාශ කළ අතර ඉන් එකක් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ තරඟ කළ ආසන 124 න් 74 ක් සඳහා වන මැතිවරණ දිස්ත්‍රික් නියෝජිතයන් තෝරා ගැනීමට සහ අනෙක සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පක්ෂ ලැයිස්තුවේ අපේක්ෂකයින් යොදාගනිමින් ඉතිරි ආසන 50 පිරවීම සඳහා වේ.
මෙහිදී එක් එක් පක්‍ෂවලට වෙන් කළ යුතු ආසන සංඛ්‍යාව පැහැදිලි වූ පසු, එක් එක් පක්‍ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් ඔවුන්ට නම් වශයෙන් හිමිවූ ඡන්ද පත්‍රිකා ප්‍රමාණය අනුව ශ්‍රේණිගත කෙරෙන අතර පක්ෂයට වෙන් කර ඇති ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව පිරවීමේදී වැඩි ඡන්ද හිමි අයට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.