නව ආහාර වට්ටෝරුවක් හදුන්වා දුන් ජපාන ගුවන් සේවය


ජපාන ගුවන් සේවය නව ආහාර වට්ටෝරුවක් හඳුන්වාදෙයි

.

Tokushima විශ්ව විද්‍යාලයෙන් බිහි වූ Cricket කෘමි රසකාරක ව්‍යුත්පන්න ආහාර පිළිබඳ පර්යේෂණ සිදුකරන Tokushima ප්‍රාන්තයේ Naruto පදනම් කරගත් Gryllus Inc.ව්‍යාපාර සමාගම සමඟ සහයෝගයෙන් එක්ව ජපන් ගුවන් සමාගමට අයත් අඩු වියදම් ගුවන් සේවයක් වන Zipair Tokyo Inc. විසින් පරිසර හිතකාමී ආහාරයක් ලෙස Cricket කෘමියාගේ කුඩු යොදාගනිමින් සාදන ලද නව ආහාර වර්ගයක් විකිණීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.  

 

ජපාන අභ්‍යන්තර ගුවන් සේවයක් විසින් ගුවන් යානය තුළ දී මගීන් වෙනුවෙන් ලබාදෙන ආහාර සඳහා කෘමීන් මත පදනම් වූ ද්‍රව්‍ය භාවිතා කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙන අතර මගීන් වෙනුවෙන් ආහාර සැපයීමේ නිරතව සිටින සූපවේදී Keita Masuda මෙහිදී නව නිෂ්පාදනය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් කියා සිටියේ "ක්‍රිකට් කුඩු වල පාරිභෝගික ආකර්ෂණය අතිමහත්. කුඩු වලින් ඉස්සන් රසයක් සහ ගෙඩි සුවඳක් දැනෙන අතර එය භාවිතා කිරීමෙන් ආහාරවල උමාමි රසය තවත් වැඩිවේ " යනුවෙනි. 

 

මෙහිදී තක්කාලි, මිරිස්, හරක් මස් පෙති සහ "pescatore" නම් මුහුදු ආහාර පැස්ටා යොදාගනිමින් සංවර්ධනය කරන ලද මෙම ආහාර වර්ග දෙකම යෙන් 1,500 මිලකට වෙන්කරවා ගත හැකි වන අතර Narita ගුවන් තොටුපළේ සිට Bangkok සහ සිංගප්පූරුව දක්වා වන ගුවන් ගමන් සඳහා මෙන්ම Narita සිට Honolulu සහ Los Angeles දක්වා වන ගුවන් ගමන් සඳහා ද මෙම ආහාර පිරිනමනු ලැබේ.

192 Views

Comments