ජපාන නගරයේ ' නව ගම්මුලාදෑනි ' ලෙස තේරී පත් වූ Hello Kitty


ජපාන නගරයකට අමුතුම ආකාරයේ ගම්මුලාදෑනියෙකු පත්වේ

.

ජාත්‍යන්තර පොප් සංස්කෘතිය තුළින් ප්‍රසිද්ධියට පත්ව සිටින Hello Kitty නම් ප්‍රබන්ධ චරිතය ජපානයේ Kofu නගරයේ ඇති බොහෝ සිත් ඇදගන්නා කරුණු ලොවට පෙන්වා දිමේ අරමුණින් "නව ගම්මුලාදෑනි " තනතුර භාරගෙන ඇති බව වාර්තා වේ. 

 

Yamanashi ප්‍රාන්තයේ අගනුවර වන Kofu හි සිටින Sanrio Co. සමාගමේ නිර්මාතෘ Shintaro Tsuji විසින් සිය  දේපල කොටසක් මෙලෙස නව භූමිකාවට පත් කර ඇති අතර ප්‍රබන්ධ චරිතයක් නගරයේ PR තානාපතිවරයකු ලෙස පත් කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. 

 

පාෂාණ ස්ඵටික කැණීම් ප්‍රදේශයක් වූ Yamanashi ප්‍රාන්තය තුළ සංවර්ධනය කරන ලද ස්ඵටික ඔප දැමීම සහ සැකසුම් ශිල්පීය ක්‍රම මත ගොඩනගා ඇති Kofu නගරය අතීතයේදී සමෘද්ධිමත් ස්වර්ණාභරණ කර්මාන්තයකට හිමිකම් කියූවක් වන අතර මෙහිදී Kofu නාගරික ආන්ඩුව විසින් නගරයේ සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කර කිරීම සඳහා Sanrio චරිත බොහොමයක් ඇතුළත් පෙළපාලියක් පවත්වා ඇති බව සඳහන් වේ . 

 

"ලොව පුරා ආදරය කරන Hello Kitty ගේ කීර්තිය බෙදා හදාගැනීමෙන් බොහෝ දෙනෙක් Kofu නගරය වඩා හොඳින් දැන හඳුනා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු " යනුවෙන් නාගරික සංචාරක අංශයේ නිලධාරියෙකු නව ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

135 Views

Comments