මෙවර මැතිවරණයේදී සුළු විරුද්ධ පක්ෂය වන Reiwa Shinsengumi හි නායකයා වූ 47 හැවිරිදි Taro Yamamoto අගනුවර ප්‍රධාන මැතිවරණ කොට්ඨාශයේ ආසන 6 න් එක් ආසනයක් තමන් සතු කර ගැනීමට සමත් වී තිබේ.
දේශපාලනයට පිවිසීමට පෙර නළුවෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ගත කළ ඔහු, තමන් සේවය කරමින් සිටි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ව්‍යවස්ථාදායක ධූරයෙන් ඉල්ලා අස්වී ජුලි 10 දින පැවැති ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණයට තරඟ කර ඇති බව පැවැසේ.