ජපානයේ හිටපු අගමැතිගේ නික්ම යාම වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළ තායිවානය


ජපානයේ හිටපු අගමැති වෙනුවෙන් තායිවානය ශෝකය ප්‍රකාශ කරයි

.

පසුගිය සිකුරාදා දින අභාවප්‍රාප්ත වූ, තායිවානයේ සදාකාලික හොඳ මිතුරෙකු ලෙස සැලකෙන ජපානයේ හිටපු අගමැති Shinzo Abe හට උපහාර දැක්වීම වෙනුවෙන් තායිවානයේ ජාතික ධජය අඩකුඹු කිරීමට තායිවාන ජනාධිපති Tsai Ing-wen සදුදා නියෝග කර ඇති අතර Taipei ජපාන-තායිවාන හුවමාරු සංගමයේ  තානාපති කාර්යාලය වෙත ගොස් උපහාර දැක්වීමට ද පියවර ගෙන තිබේ. 

 

"තායිවාන-ජපාන මිත්‍රත්වයට මෙන්ම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම් සහ සාමය සඳහා ඔබ දැක්වූ ප්‍රශංසනීය දායකත්වයට ස්තූතියි" යනුවෙන් මල් පිළිගැන්වීමෙන් අනතුරුව ශෝක පොතක සටහනක් ලියා සියලුම තායිවාන ජනතාව නියෝජනය කරමින් ජනපති Tsai විසින් Abe මහතා වෙත ගෞරව දැක්වූ බව පැවැසේ. 

 

Abe මහතාගේ නික්ම යාම පිලිබදව ජනතාවට දැනෙන හැගීම අකුරු කිරීම සඳහා ජපානය-තායිවාන හුවමාරු සංගමයෙන් පිටත විශාල පුවරුවක් ඉදිකිරීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ උප ජනාධිපති Lai Ching-te සඳුදා දින ජපානයට පැමිණ ජපානයේ තායිවාන නියෝජිතයා වූ Frank Hsieh ද කැටුව Tokyo නගරයේ පිහිටි Abe මහතාගේ පවුලේ සාමාජිකයන් හමුවීමට ඔවුන්ගේ නිවසට පැමිණි බවයි. 

 

"ඔහුගේ මිත්‍රත්වය සහ උණුසුම තායිවානයේ ජනතාවගේ හදවත් තුළ සදාකාලිකව පවතිනු ඇත" යනුවෙන් අවසාන වශයෙන් තායිවාන ජනාධිපති Tsai පැවැසීය.

91 Views

Comments