මැතිවරණයෙන් පසු කඩිනම් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාව


ජපාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ යෝජනාව කඩිනම් කරයි

.

ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණයෙන් තම පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනිමෙන් දිනකට පසු එක්සත් ජනපදය විසින් ජපානය තුළ කෙටුම්පත් කරන ලද සාමවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මතභේදාත්මක සංශෝධන ඇතුළත් යෝජනාවලියක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා සියලු උත්සාහයන් ඉදිරියටත් ගන්නා යන බව අගමැති Fumio Kishida සඳුදා පැවසීය.

 

ජපානයේ නව ආරක්ෂක උපාය මාර්ගය සම්පාදනය කිරීමේදී දැඩි ආරක්ෂක පරිසරයක් මධ්‍යයේ වසර පහක කාලයක් ඇතුළතදී මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට සහ ජපානයේ ආරක්ෂාව “දැඩි ලෙස ශක්තිමත් කිරීමට” අවශ්‍ය පියවර පිළිබඳ ගැඹුරු විවාදයක් ආරම්භ කිරීමට තමන් උත්සාහ කරන බව මෙහිදී පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධානියා ද වන Kishida නැවත වරක් අවධාරණය කළේය. 

 

පාර්ලිමේන්තු විවාදයට පහසුකම් සැලසීම මගින් ජනතාවට කාරණය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් හිමිවනු ඇති බවට මෙන්ම ගෝලීය මිල ඉහළ යාමේ පසුබිම මත ජපානය තුළත් භාණ්ඩ හා සේවා මිල ගණන් අඛණ්‌ඩව ඉහළ යන්නේ නම්, රජය සිය පියවර වේගවත් කළ යුතු අතර නව පියවරයන් ද සූදානම් කළ යුතු බවට Kishida වැඩිදුරටත් මෙහිදී  අදහස් දක්වා තිබේ.

113 Views

Comments