බාලවයස්කාර දැරියක් රවටා ලිංගික අතවර කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ


බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයකු අත්අඩංගුවට ගනී

.

ළමා ගණිකා වෘත්තිය සහ කාමුක දර්ශන නීතිය උල්ලංඝණය කරමින් පසුගිය මැයි මාසයේදී 17 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට මෙන්ම එම අසභ්‍ය ක්‍රියා රූගත කර ළග තබා ගත් බවට සැකපිට Otsu හි සමාගමේ සේවකයෙකු වන 28 හැවිරිදි Kazuma Inoue නම් තරුණයෙකු Shiga ප්‍රාන්තයේ Otsu හි පොලිසිය විසින් අඟහරුවාදා දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

ඔහු විසින් මැයි මාසයේ සිට සේවය කළ හැකි නිරූපණ රැකියාවක් සදහා යැයි පවසමින් පසුගිය අප්‍රේල් මාසයේදී දැරිය අන්තර්ජාලය ඔස්සේ රවටා ඇති අතර Otsu හි හෝටලයකදී ඇයව මුණගැසුණු විට, නිරූපණය වෙනුවෙන් පිහිනුම් ඇඳුමක් ඇඳීමට සිදුවන බව දැනගත් පසු ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ . නමුත් රැකියාව ප්‍රතික්ෂේප කළහොත් ඔහුට යෙන් 200,000 ක දඩ මුදලක් ගෙවිය යුතු බවට හෝ ඇයට ගාස්තුව දැරිය නොහැකි නම් ලිංගික සම්බන්ධකම් සම්බන්ධ රැකියාවක් කරන ලෙසට ඔහු විසින් ඇයට අනතුරු අඟවා තිබේ. 

 

මැයි 11 සිට 12 දක්වා හෝටලයේ දී අදාළ තරුණියට ලිංගික අතවර කිරීම සහ අසභ්‍ය ක්‍රියා රූගත කිරීම සම්බන්ධයෙන් Inoue ට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර නීතීඥයෙකු සමඟ කතා කරන තුරු පොලීසියට කතා කිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පොලීසිය මෙහිදී සදහන් කළේය. 

 

වෙනත් කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් Inoue අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය වූ අතර, ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය පිරික්සීමේදී එම දර්ශන සොයා ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ .

Comments