වරක් වැරදී වරක් හරි ගිය ඝාතකයාගේ  ඉලක්කය


Shinzo Abe ගේ ඝාතකයා මරණය පිළිබඳ පාපොච්චාරණය කරයි

.

ජුලි 8 වැනි සිකුරාදා දින පැවැති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී හිටපු අගමැති Shinzo Abe හට මාරාන්තික වෙඩි ප්‍රහාරයක් එල්ල කළ 41 හැවිරිදි Tetsuya Yamagami නම් ඝාතකයා විසින් ප්‍රහාරය එල්ල කිරීමට මිනිත්තු 90 පෙර එම ස්ථානයට පැමිණ අවට ප්‍රදේශය පරීක්ෂා කර ඇති බවට Nara ප්‍රාන්ත පොලිසිය විසින් සොයාගෙන ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කළේය. 

 

ඝාතනය සිදුවූ දිනයේ Yamagami ගේ හැසිරීම ආරක්ෂක කැමරා දර්ශන යොදාගනිමින් ප්‍රාන්ත පොලිසිය විසින් නිරීක්ෂණය කර ඇති අතර ඔහු පෙරවරු 10 ට පමණ Nara නගරයේ ඔහුගේ නිවස අසල පිහිටි Kintetsu දුම්රිය මාර්ගයේ Shin-Omiya දුම්රිය ස්ථානයෙන් දුම්රියකට ගොඩ වී ඇති ආකාරයත් පසුව Yamato- Saidaiji දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර ගේට්ටුවෙන් පිටව දුම්රිය ස්ථානයේ වාණිජ සංකීර්ණය අසල නතර වන ආකාරයත් එහිදී සොයාගෙන තිබේ . 

 

පරීක්ෂණයේ විමර්ශන නිලධාරීන්ට අනුව රැස්වීමට සහභාගී වූ Yamagami මුලදී පාරේ සිටි අනෙක් අය මෙන් Abeගේ කතාවට සවන් දෙමින් සිට ඇති අතර , පසුව ඔහු Abe පෙනෙන පරිදි පිටුපස පාරකට ගොස් වෙඩි ප්‍රහාර දෙක එල්ල කර ඇත.  

 

සැකකාර Yamagami මීට පෙරදී තම ප්‍රහාරය දියත් කිරිමේ අපේක්ෂාවෙන් Abe මහතා විසින් Okayama නගරයේ පවත්වනු ලැබූ වෙනත් දේශනයකට සහභාගී වී ඇති අතර ආරක්ෂක පරීක්‍ෂණයකට යාමට සිදුවන බව දැනගත් පසු ඔහු විසින් එහි ඇතුළුවීමේ උත්සහයන් අත්හැර දමා ඇති බව පොලීසිය පැවැසීය. නමුත්  ජූලි 7 රාත්‍රියේ අන්තර්ජාලය පරික්ෂා කිරීමෙන් පසුව Abe මහතා Nara ප්‍රාන්තයට පැමිණෙන බව නිශ්චිතවම තහවුරු කරගත් ඔහු එහි පැමිණ Abe මහතා වටා යොදා ඇති ආරක්ෂාව හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව වෙඩි තැබීම සිදු කරන්නට ඇති බව පොලීසිය විශ්වාස කරයි.

174 Views

Comments