ශෝකය පළ කිරීම වෙනුවෙන් ධජ අඩකුඹු කළ බටහිර ජපානයේ පාසල්


හිටපු අගමැති තුමාගේ මරණය සම්බන්ධව ජපාන පාසල් ද ශෝකය පළකරයි

.

Tokyo හි ජුලි 12 වැනි දින පැවැති හිටපු අගමැති Shinzo Abe ගේ අවමංගල්‍ය උත්සවයට සමගාමීව නාගරික පාසල්වල කොඩි අඩකුඹු කරන ලෙසත්, නගරයේ පොදු ප්‍රාථමික හා කනිෂ්ඨ පාසල් 29න් 21කම ඔවුන්ගේ අනුදැනුම අනුව අවශ්‍ය අයුරින් කොඩි ඔසවන ලෙසටත් නියෝග කරමින් බටහිර ජපානයේ Sanda නගරයේ අධ්‍යාපන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. 

 

ඝාතනයට ලක් වූ හිටපු අගමැතිවරයා සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා නගරයේ පොදු පහසුකම්වල කොඩි අඩකුඹු කිරීමෙන් පසුව ජුලි 12 වන දින Sanda නාගරික රජය විසින් මෙම ඉල්ලීම සිදුකිරීමට පියවර ගත් බව Hyogo ප්‍රාන්තයේ Sanda නාගරික අධ්‍යාපන මණ්ඩලය සදහන් කළේය.අධ්‍යාපන මණ්ඩලය සහ අනෙකුත් මූලාශ්‍රවලට අනුව මෙහිදී ප්‍රාථමික පාසල් 17ක් සහ කනිෂ්ඨ උසස් පාසල් 4ක් මෙම ඉල්ලීමට සහයෝගය දක්වා තිබේ. 

 

එමෙන්ම ජුලි 11 දින අසල්වැසි Osaka ප්‍රාන්තයේ Suita නාගරික ආන්ඩුව ද නගරයේ ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල් සහ පොදු ස්ථානවල කොඩි අඩකුඹු කරන ලෙසට නිවේදනයක් නිකුත් කර ඇති අතර මෙය "ශෝකය ප්‍රකාශ කිරීම සදහාම" බවත් නගරයේ ඉල්ලීමට අනුකූල වීම සෑම පාසලකටම සහ පොදු ස්ථානයකටම අදාළ වන බවත් නගරය පැහැදිලි කර ඇත.

114 Views

Comments