ජපාන ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන දැඩි තාප ආඝාත තත්ත්වය හමුවේ බලශක්ති ඌනතාවය හේතුවෙන් සිදුවන විදුලිය විසන්ධි වීමකදී නැවත ආරෝපණය කළ හැකි බැටරි, ශීත කළ කැට බවට පත්වූ ජෙල් ඇසුරුම් සහ අයිස් වැනි ද්‍රව්‍ය භාවිතයට ගත හැකිවන පරිදි සූදානම් කර තබා ගන්නා ලෙස 39 හැවිරිදි Sonaeru Works Inc. හි ප්‍රධානී සහ ආපදා වැළැක්වීමේ විශේෂඥ උපදේශකයෙකු වන Tomoya Takani උපදෙස් ලබා දී තිබේ.
"විදුලිය විසන්ධි වූ විට බලශක්ති ගබඩා කිරීමට පහසුම ක්‍රමය වන්නේ ගෘහස්ථ භාවිතය සඳහා නැවත ආරෝපණය කළ හැකි බැටරි සකස් කිරීමයි. වෛද්‍ය උපකරණ වල ක්‍රියාකාරීත්වයෙන් ඇඳන් මත ප්‍රතිකාර ලබන පුද්ගලයින් සිටින හෝ අධික උෂ්ණත්වයට ගොදුරු විය හැකි සුරතල් සතුන් සිටින නිවෙස්වලට නැවත ආරෝපණය කළ හැකි බැටරි ඉතාමත් ප්‍රයෝජනවත් වේ. අවශ්‍ය වුවහොත් ගෑස් උත්පාදක යන්ත්‍ර හෝ සූර්ය පැනල භාවිතයෙන් ගෘහස්ථ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට ද මෙහිදී හැකියාව පවතී" යනුවෙන් Takani වැඩිදුරටත් පැවසීය.
"විදුලි විසන්ධි විය හැකිද නැද්ද යන්න ගැන කනස්සල්ලට පත් නොවී, විදුලිය විසන්ධි වේ යැයි උපකල්පනය කරමින් සූදානම් වීම ඉතා වැදගත්ය. එවැනි මොහොතක ශරීරයේ තාපය ගොඩනැගීම වළක්වා ගැනීම සඳහා ශීතකළ ජෙල් ඇසුරුම් සහ ප්ලාස්ටික් බෝතල්වල ජලය පුරවා ඒවා බෙල්ලේ සහ කිහිලිවල තබා ගැනීමට මෙන්ම අයිස් පැකට් පිරවූ අධිශීතකරණයක් භාවිතා කර ආහාර දින භාගයක් පමණ නරක් නොවී තබාගත හැක" යනුවෙන් ඔහු තවදුරටත් අවධාරණය කළේය.