හිටපු අගමැති Shinzo Abe සිහිකරමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය අවමංගල්‍යෝත්සවය


හිටපු අග්‍රාමාත්‍ය තුමා සිහි කරමින් අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට සැලසුම් කරයි

.

වසර අටයි මාස අටක් ලෙසින් ජපන් ඉතිහාසයේ පළමු වරට දීර්ඝතම කාලයක් ජපාන අගමැති ධුරය දැරූ, පසුගිය ජුලි 10 දින අභාවප්‍රාප්ත වූ හිටපු අගමැති Shinzo Abe ජපන් ජනතාව වෙනුවෙන් දැක්වූ “විශිෂ්ට නායකත්වය, තීරණ ගැනිමේ සහ ක්‍රියාත්මක කිරීමේ කුසලතාව ” අනුස්මරණය කරමින් පූර්ණ රාජ්‍ය අරමුදල් සහ ගෞරවය සහිතව රාජ්‍ය අවමංගල්‍යය උත්සවයක් පැවැත්වීමට නියමිතව ඇති බව අගමැති Fumio Kishida බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.

 

මියගිය නායකයකු සිහිකරමින් රාජ්‍ය අවමංගල්‍යය උත්සවයක් පැවැත්වීම අතිශයින් දුර්ලභ සිදුවීමක් වන අතර ජපානය අවසන් වරට එවැනි අනුස්මරණ උත්සවයක් පවත්වා ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ අළුවලින් රට නැගී සිටි සමයේ එනම් 1967 වසරේ අගමැති ලෙස කටයුතු කළ Shigeru Yoshida  වෙනුවෙනි. 

 

"රාජ්‍ය අවමංගල්‍යයක් සිදු කිරීම මගින් , හිටපු අගමැති Abeගේ මරණය පිළිබඳව අපගේ ශෝකය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන අතරම ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදී අධිෂ්ඨානශීලීව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින අපගේ අධිෂ්ඨානය පෙන්වමු" යනුවෙන් Kishida මෙහිදී සදහන් කළේය. 

 

නමුත් මෙහිදී විපක්ෂ වූ ජපන් නවෝත්පාදන පක්ෂයේ නායක Ichiro Matsui වාර්තාකරුවන්ට කියා සිටියේ" මෙම සැලැස්මට සියලුම ජනතාව සහාය නොදක්වයි. මියගිය පවුල මහජන විවේචනයට ලක් නොවන අයුරින් අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට වග බලා ගත යුතුයි" යනුවෙනි.

125 Views

Comments