මිල ඉහළ යාම මධ්‍යයේ සහනාධාර ක්‍රියාමාර්ගය අනුගමනය කළ ජපාන නගරය


ජපානයේ අධික උද්ධමනය හමුවේ ජනතාවට සහන හිමිවෙයි

.

යෙන්' හි අගය අවප්‍රමාණය වීම හේතුවෙන් අඛණ්‌ඩව ඉහළ යමින් පවතින භාණ්‌ඩ හා සේවා මිල ගණන් මධ්‍යයේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් එළැඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාසවලදී පරිභෝජනය කරනු ලබන ජල ප්‍රමාණයට අනුව ගෙවිය යුතු ගාස්තුව බිංදුව දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව Hokkaido ප්‍රාන්තයේ නාගරික ආන්ඩුව ජූලි 14 දින නිවේදනය කළේය .

 

යෙන් 2,904 ක්‌ වන මූලික ජල උපයෝගිතා ගාස්තුව නගරයේ පිහිටි මිලියන 1.02ක නිවාස වල ජනතාව සඳහා මාස දෙකේදීම නොමිලේ හිමිවන අතර ප්‍රතිලාභ ලබාදීම සඳහා කිසිදු මූලික සුදුසුකමක් මෙහිදී සලකා බලනු නොලැබේ. එසේම, නගර රජය විසින් පවුලේ සමස්ථ ආදායම පිළිබඳව නොසලකා හරිමින් වයස අවුරුදු 18 හෝ ඊට අඩු සියලුම දරුවන් වෙනුවෙන් යෙන් 10,000 වටිනා විශේෂ මුදල් අත්පත්‍රිකා බෙදා හැරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ. 

 

"මෙම ඉහළ මිල ගණන් දිගු කලක් පවතිනු ඇතැයි අපේක්ෂා කළත්, තත්ත්වය කෙසේ වෙනස් වේදැයි අපට අනාවැකි කිව නොහැක. නමුත් පුරවැසියන් සහ ව්‍යාපාර මත පැටවී ඇති බර ලිහිල් කිරීමට අපි නිශ්චිත ක්‍රමයක් ස්ථාපිත කරමු " යනුවෙන් Sapporo නගරාධිපති Katsuhiro Akimoto එදින පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

104 Views

Comments