තැපැල් පෙට්ටියක් තුළ තිබියදී හමුවූ සැකකටයුතු වෙඩි උණ්ඩය


තැපැල් පෙට්ටියක් තුළ තිබී සැකකටයුතු වෙඩි උණ්ඩයක් හමුවෙයි

.

ජූලි 14 වන දින Tokyo නගරාසන්න ප්‍රදේශයේ Hachioji හි නිවසක තැපැල් පෙට්ටියක සහ කුඩා වෑන් රථයක ජනේලයක තිබී වෙඩි උණ්ඩ සිදුරු බවට සැක කෙරෙන අවස්ථා කීපයක් හදුනාගෙන ඇති අතර නගරාසන්න පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වේ .

 

එදින අලුයම තම නිවසේ දොරට කවුරුන් හෝ තට්ටු කරන බවට නිවැසියෙකු විසින් අලුයම 3.35 ට පමණ පොලිසියට පැමිණිලි කර ඇති අතර පසුව JR Hachiko Line හි Komiya දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටරයක් ​​පමණ දකුණින් වූ නේවාසික ප්‍රදේශයේදී තමන් ට වෙඩි හඩක් වැනි ශබ්දයක් ඇසුණු බවද ඔහු පොලීසියට පවසා තිබේ. 

 

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ Hachioji පොලිස් ස්ථානයට අනුව, නිවසේ නවතා තිබූ කුඩා වෑන් රථයක පසුපස මගී කවුළුව කඩා දමා ඇති අතර,තැපැල් පෙට්ටියේ ඇති උණ්ඩ කුහරයට අමතරව මෝටර් රථය තුළ සහ ඒ අසල වීදියක තිබියදී උණ්ඩ දෙකක් සොයා ගෙන ඇත.

Comments