Ontake ගිනිකඳු පිපිරීම සම්බන්ධයෙන් වූ නඩුව


Ontake ගිනිකඳු පිපිරීම සම්බන්දයෙන් වූ නඩුව නිශ්ප්‍රභා කරයි

.

2014 සැප්තැම්බර් මාසයේදී Ontake කන්ද පුපුරා යාමෙන් මියගිය සහ විපතට පත්වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් විසින් ජපාන රජයට සහ අනෙකුත් පාර්ශවයන්ට එරෙහිව ගොනු කරන ලද නඩුව ජූලි 13 දින Nagano දිස්ත්‍රික් උසාවියේ Matsumoto ශාඛාවේ නීතිඥ විසින් නිෂ්ප්‍රභ කර තිබේ. 

 

නමුත් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) විසින් ගිනිකඳු අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නොදැමීමට ගත් තීරණය නීති විරෝධී යැයි අධිකරණය සලකනු ලබන අතර මෙහිදී විපතට පත් පවුල් සාමාජිකයන් 30 දෙනෙකු සහ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු විසින් යෙන් මිලියන 376 ක වන්දි මුදලක් ඉල්ලමින් 2017 ජනවාරි මාසයේදී මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන් වේ . 

 

මධ්‍යම ජපානයේ Gifu සහ Nagano ප්‍රාන්ත අතර මායිමේ පිහිටි Ontake කන්ද 2014 සැප්තැම්බර් මස 27 වන දින පුපුරා ගිය අතර එහිදී 58 දෙනෙකු මිය ගොස් පස් දෙනෙකු අතුරුදහන් වීම සිදුවිය. එය දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු රටේ සිදුවූ දරුණුතම ගිනිකඳු පිපිරීම් ව්‍යසනය ලෙස ඉතිහාසගත වී ඇති බැවින් සිදුවූ අගතිය හේතුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට පැමිණිලිකාර පාර්ශවය අපේක්ෂා කරන බව පැවැසේ.

110 Views

Comments