20 වැනි සියවසේ කීර්තිමත් චිත්‍ර ශිල්පියෙකු වූ Amedeo Modigliani විසින් 1908 දී සිතුවම් කරන ලද අසාමාන්‍ය චිත්‍රයක් ලෙස සැලකෙන "තොප්පිය සහිත නිරුවත" සිතුවමේ මතුපිට ස්ථරයට යටින් සඟවා තිබූ සහ කලින් සොයාගත නොහැකි වූ කටු සටහන් තුනක් "X කිරණ" භාවිතයෙන් සොයා ගැනීමට ඊශ්‍රායලයේ Haifa විශ්ව විද්‍යාලයේ Hecht කෞතුකාගාරයේ භාරකරුවන් සමත් වී ඇති බව වාර්තා වේ.
20 වැනි සියවසේ විශිෂ්ට නූතනවාදී කලාකරුවන්ගෙන් එක් අයෙකු ලෙස Modigliani සැලකෙන අතර ඔහුගේ නිරුවත් සිතුවම් එකල අතිශයින් මතභේදයට තුඩු දෙන්නක් බවට පත්ව තිබිණි. Philadelphia හි පැවැත්වීමට නියමිතව තිබෙන ඉදිරි ප්‍රදර්ශනයක් වෙනුවෙන් ඔහුගේ සිතුවම් යොදා ගනිමින් සිදුකරන ලද අධිකරණ වෛද්‍ය අධ්‍යයනයකදී මෙම ස්ථරයන් සොයා ගැනීමට හැකිව තිබේ.
"වයස අවුරුදු 35 දී සතයක් වත් අතේ නොමැතිව මිය ගිය යුදෙව් කලාකරුවාගේ සිතුවමේ අභ්‍යන්තරය හරිම පුදුම සොයාගැනීමක්" යනුවෙන් Hecht කෞතුකාගාරයේ කලා ඉතිහාසඥයෙකු වන Inna Berkowits මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය.