රුසියාව සිවිල් වැසියන් ඉලක්ක කරන බවට චෝදනා


රුසියාවේ මිසයිල ප්‍රහාර නිසා සිවිල් ජනතාවගේ ජීවිතවලට බරපතල හානි සිදු වේ

.

රුසියාව යුක්රේනයට එල්ල කරන ඔවුන්ගේ මිසයිල ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් ද ඉලක්ක කරන බව යුක්රේන ආරක්ෂක අංශ චෝදනා කරයි. 

 

යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය සිකුරාදා දින පැවති පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේ  රුසියාව විසින් එල්ල කරන ප්‍රහාර වල 70% ක පමණ ඉලක්කය සිවිල් වැසියන් බවත් 30%ක් පමණක් හමුදාවන් ඉලක්ක කරන බවයි. තවද ඔහු ඉදිරිපත් කළ දත්ත අනුව පසුගිය බ්‍රහස්පතින්දා දින Vinnytsia බටහිර ප්‍රදේශයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් කුඩා ලමුන් තුන් දෙනෙක් ඇතුළු පුද්ගලයන් 24 දෙනෙක් මියගොස් ඇති අතර  60 කට වඩා පිරිසක් තුවාල ලබා තිබිණි. 

 

රුසියාවේ මෙම මිලේච්ඡ ප්‍රහාරයන් පාලනය කර ගැනීමට  යුක්රේනය  තවදුරටත් බටහිර රටවල සහාය පතන අතර විශේෂයෙන්ම යුක්රේන ගුවන් හමුදා බලය හා ආරක්ෂාව වැඩි කරගැනීමට එය හරහා යුක්රේන පාලකයන් බලාපොරොත්තු වේ.

 

122 Views

Comments