විදේශිකයන් සදහා වන ජිවන වියදම අධිකම නගර අතරින් 9 වැනි ස්ථානයට පත්වූ ජපාන නගරය


තෝකියෝ නුවර ජීවන වියදම අධික ම නගර කීපය අතරට පැමිණේ

.

එක්සත් ජනපදයේ උපදේශන සමාගමක් විසින් පසුගියදා සිදුකරන ලද ජීවන සමීක්ෂණයකට අනුව එක්සත් ජනපද ඩොලරයට සහ අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව 'යෙන්' හි වටිනාකම දුර්වල වීම හේතුවෙන්, විදේශයන්හි සේවය කරන පුද්ගලයින්ගේ වාර්ෂික පිරිවැය ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් 2022 වසරේ ජිවන වියදම අධිකම නගර අතුරින් නවවන ස්ථානයට Tokyo නගරය පත්ව තිබේ. 

 

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රතිවිපාක සහ නිරතුරුව විචලනය වන විනිමය අනුපාතය නිසා අඛණ්‌ඩව ඉහළ යමින් පවතින භාණ්ඩ හා සේවා මිල ගණන් මගින් ලොව පුරා ජීවත් වන ජනතාවගේ වැටුප් සහ ඉතුරුම් ප්‍රමාණය වෙත දැඩි පීඩනයක් එල්ල කර  ඇති අතර දැනට ලෝකයේ ජීවන වියදම අධිකම නගරය ලෙස චීනයේ Hong Kong සැලකේ. 

 

New York නගරය මෙම ලැයිස්තුවේ මූලික සංසන්දනාත්මක නගරය ලෙස සලකනු ලබන අතර, ඩොලරයට සාපේක්ෂව එක් එක් රටවල මුදල් චලනයන් මනිනු ලැබේ. ලොකයේ නගර 227 ක්‌ මෙහිදී ශ්‍රේණිගත කෙරෙන අතර නිවාස, ප්‍රවාහනය, ආහාර සහ විනෝදාස්වාදය ඇතුළු අයිතම 200 ක තක්සේරු කරන ලද සංසන්දනාත්මක පිරිවැය මෙහිදී සමික්ෂණයට යොදාගනු ලැබේ.

101 Views

Comments