යුරෝපය ගිනිබත් කරමින් පැතිර යන මහා ලැව්ගින්න


යුරෝපය පුරා මහා ලැව් ගින්නක් පැතිර යයි

.

දැඩි සුළං සහ උණුසුම් වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව පස්වන දිනටත් Bordeaux කලාපයේ පයින් වනාන්තර හරහා පැතිර පවතින විශාල ලැව් ගින්න මැඩපැවැත්වීම වෙනුවෙන් ප්‍රංශ ගිනි නිවන භටයින් සෙනසුරාදා දිනය පුරාවටම ගනු ලැබූ සෑම උත්සාහයක්ම ව්‍යාකූල වී ඇති අතර මෙම සතිය තුළ යුරෝපයේ දැවෙමින් පවතින විශාලම ලැව්ගිනි කිහිපයකින් එකක් ලෙස මෙය සැලකේ. 

 

මේ වසරේ දරුණුතම මාරාන්තික ලැව්ගින්න පෘතුගාලයෙන් වාර්තා වී ඇති අතර එහි ඊසානදිග ප්‍රදේශයේ ගිනි නිවීමේ මෙහෙයුමක යෙදී සිටි ගුවන් හමුදා යානයක නියමුවරයෙකු සිකුරාදා දින යානය කඩා වැටී  මිය ගියේය. රට පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ සතියේ 160 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර සිය ගණනකට අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත් කිරීමට බල කෙරුනි.

 

අසාමාන්‍ය ලෙස වියලි සහ උණුසුම් කාලගුණික විපර්යාස නිසාවෙන් ජනාකීර්ණ නගරවලට දරුණුතම ප්‍රංශ ගින්න සමීප වන විට, කලාපයෙන් පුද්ගලයින් 11,000 දෙනෙකු පමණ ඉවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඔවුන්ගෙන් සමහරක් කියා සිටියේ "අපි ආපසු නිවසට පැමිණෙන විට සොයා ගන්නේ කුමක්ද යන්න පිළිබඳ බියක් සහ අවිනිශ්චිතභාවයක් අපිට දැනෙනවා" යනුවෙනි. පයින් ගස් සමූහය හරහා නැගෙන ගිනිදැල් සමූහයේ කළු දුමාරය ක්ෂිතිජය හරහා විහිදී අවට ප්‍රදේශයම ආක්‍රමණය කරමින් සිටින බව ගිනි නිවන භටයින් විසින් ලබාගෙන තිබූ පින්තූර වලින් දැක ගත හැකිය . 

 

දකුණු ප්‍රංශයේ ගිනි නිවන භටයින් 3,000 ක් පමණ ජලය බැහැර කරන ගුවන් යානා වල සහාය ඇතිව ගින්න සමඟ සටන් කරමින් සිටින බවත් ග්‍රීසිය උදව් සඳහා ගිනි නිවීමේ උපකරණ එවා ඇති බවත් ජනාධිපතිවරයා පැවසූ අතර අවදානම් සහිත ගම්මාන වට කර හැකිතාක් නිවාස සංඛ්‍යාවක් බේරා ගැනීම සදහා ගිනි නිවන භටයින් සෙනසුරාදා දිනයේදී සිය ප්‍රයත්නයන් යොමු කළ බව ප්‍රංශ ගිනි නිවීමේ මෙහෙයුම අධීක්‍ෂණය කරන Charles Lafourcade වාර්තාකරුවන්ට පැවසීය.

105 Views

Comments