Sakhalin 2 බලශක්ති ව්‍යාපෘතියේ ආයෝජිත කොටස් පවත්වාගෙන යාමට පියවර ගත් ජපානය


Sakhalin 2 බලශක්ති ව්‍යාපෘතියේ ආයෝජන කල කොටස් පවත්වාගෙන යාමට ජපානය තීරණය කරයි

.

රුසියාවේ ඈත පෙරදිග Sakhalin 2 ද්‍රව ස්වභාවික වායු සහ තෙල් ව්‍යාපෘතිය සඳහා ජපානය සිය අවශ්‍යතා පවත්වා ගැනීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා රජය ජපන් පාර්ශවකරුවන් දෙදෙනෙකු සමඟ සම්බන්ධීකරණය කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 

 

ඒ අනුව Mitsui Co. විසින් 12.5% ක කොටස් සහ Mitsubishi Corp. විසින් 10% ක කොටස් හිමිකාරිත්වය අඛණ්‌ඩව තබා ගැනීමට පියවර ගෙන ඇති අතර රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හමුවේ ජපානය විසින් රුසියාවට විරුද්ධව පනවනු ලැබූ සම්බාධක වලට එරෙහිව රුසියානු ජනාධිපති Vladimir Putin විසින් Sakhalin ව්‍යාපෘතියේ ග්‍රහණය දැඩි කිරීම සඳහා නව මෙහෙයුම් සමාගමක් පිහිටුවීමේ නියෝගයකට අත්සන් තබා ඇති බව වාර්තා වේ. 

 

ජපානයේ LNG ආනයනයෙන් 9% පමණ රුසියාවේ Sakhalin 2 ව්‍යාපෘතිය මඟින් හිමි වන නමුත් ජපාන වෙළඳ ආයතන දෙකේ ආයෝජන අඛණ්ඩව කරගෙන යාම පිළිබඳ අවසාන ප්‍රකාශය Moscow සතු අයිතියක් වන බැවින් ජපානයට එහි කොටස් පවත්වා ගෙන යාමට හැකිද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත. 

 

"ඉහළ යන බලශක්ති මිල ගණන් මධ්‍යයේ ස්ථායී බලශක්ති සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා Sakhalin 2 ව්‍යාපෘතියේ පැවැත්ම අත්‍යවශ්‍ය දෙයක් වන බැවින් ඒ සඳහා පවතින උනන්දුව ඉදිරියටත් රඳවා ගැනීමේ අවශ්‍යතාවය" අගමැති Fumio Kishida සහ ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය Koichi Haiguda විසින් මෙහිදී අවධාරණය කර තිබේ.

Comments