Hiroshima කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට එක් කළ ජනප්‍රිය Manga බහු භාෂා සංස්කරණය


Manga කෘතියක දේශීය භාෂා සංස්කරණයන් Hiroshima කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනය කෙරේ

.

එක්සත් ජනපදය විසින් Hiroshima නගරයට හෙළන ලද පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු මිනිසුන්ගේ ජීවිතවලට අත්වූ ඉරණම නිරූපණය කෙරෙන Manga කෘතියක විදේශීය භාෂා සංස්කරණ ප්‍රදර්ශනයක් නගරයේ සාම අනුස්මරණ කෞතුකාගාරයේ දී මේ දිනවල පැවැත්වේ. 

 

නගරයට පරමාණු බෝම්බ හෙලීමෙන් වසර 10 කට පසුව "සන්ධ්‍යාවේ සන්සුන් නගරය, චෙරි මල් රට" යන අර්ථය සහිතව සුප්‍රසිද්ධ ජපන් Manga චිත්‍ර ශිල්පී Fumiyo Kono විසින් "Yunagi no Machi , Sakura no Kuni" නම් ප්‍රධාන කෘතිය රචනා කර ඇති අතර A-බෝම්බයේ පසු ප්‍රතිඵල මිනිසුන්ගේ ජීවිතවල සෙවනැල්ලක් මෙන් ක්‍රියා කරන ආකාරය ඉන් නිරූපණය කෙරේ .

 

2004 වසරේ ජපන් මාධ්‍ය කලා උළෙලේ Manga අංශයේ විශිෂ්ට ත්‍යාගය දිනා ගැනීමට මෙම කෘතිය සමත් වූ අතර අධ්‍යක්ෂක Kiyoshi Sasabe විසින් 2007 වසරේ දී Manga සජීවී ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසත් 2018 වසරේදී Manga පාදක කරගත් රූපවාහිනී නාට්‍යයක් ලෙසත් එය විකාශය වී තිබේ .

 

මාතෘකාවේ පරිවර්තන අනුවාද 10ක් මෙලෙස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර පරිවර්තන සහ ප්‍රකාශන අනුපිළිවෙල අනුව කොරියානු, ප්‍රංශ, ඉංග්‍රීසි, සම්ප්‍රදායික චීන, ස්පාඤ්ඤ, ඉතාලි, පෘතුගීසි, හින්දි, වියට්නාම සහ රුසියානු භාෂා වලින් එය ලබාගත හැකිය. මෙම වසරේ මැයි මාසයේදී Kono විසින් ස්පාඤ්ඤ සහ වියට්නාම අනුවාද නගරයේ කෞතුකාගාරයට පරිත්‍යාග කිරීමත් සමඟ එහි ඇති අනෙකුත් ජාත්‍යන්තර සංස්කරණ ද ඇතුළත් කරමින් මෙලෙස ප්‍රදර්ශනයක් පැවැත්වීමට කෞතුකාගාර මණ්ඩලය තීරණය කර ඇත.

Comments