වසර 12 කට පසු යළිත් වරක් විවෘත කළ Fukushima වෙරළ තීරය


වසර ගණනාවකට පසු ෆුකුශිමා වෙරළ තීරය සංචාරකයින්ට විවෘත වේ

.

2011 වසරේ මාර්තු මාසයේදී නැගෙනහිර ජපානයට ඇතිවූ මහා  භූමිකම්පාවෙන් හා සුනාමියෙන් විනාශයට පත්වූ Fukushima ප්‍රාන්තයේ Naraha හි Iwasawa පිහිනුම් වෙරළ තීරය වසර 12 කට පසු ප්‍රථම වතාවට මේ වසරේ ගිම්හාන ඍතුව සඳහා විවෘත වූ අතර එහි පැමිණි ලොකු කුඩා සියලු දෙනා ඉමහත් සතුටකින් යුතුව විනෝද වන ආකාරය දැකගත හැකි විය. 

 

2011 දී ඇතිවූ දැවැන්ත භූමිකම්පාව නිසා ප්‍රාදේශීය භූමිය ගිලා බැසීම සිදුවූ අතර ඒ හේතුවෙන් Iwasawa හි වැලි සහිත වෙරළ මුහුදට ලිස්සා යාම සිදු විය. එමෙන්ම ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් වෙරළේ වාහන නැවැත්වීමේ ස්ථානය වැළලී ගිය අතර සුනාමි රළ පහරින් එහි තිබූ ජීවිතාරක්ෂක කුළුණ සහ අනෙකුත් ස්ථාන සියල්ලක්ම පාහේ මුහුදට ගසාගෙන ගොස් තිබේ . 

 

මෙහි බලපෑමෙන් Naraha Tokyo Electric Power Company Holdings සංස්‌ථාවේ Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරය න්‍යෂ්ටික දියවීමකට ලක්වූ අතර අධික විකිරණශීලීතාවය හේතුවෙන් නගරයේ සිටි සියලුම පදිංචිකරුවන්  ඉවත් කිරීමට ක්ෂණිකව නියෝග කරන ලදී. 

 

පසුකාලීනව නගරය යළිත් ජනාවාස කළ අතර වෙරළේ අලුත් කිරිමේ වැඩ කටයුතු ද ආරම්භ විය. මේ වසරේ මාර්තු මාසය වනවිට එහි සියලු ඉදිකිරීම් අවසන් වූ අතර ජීවිතාරක්ෂක කුළුණක්, වැසිකිලි පද්ධතියක් සහ නානකාමර ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතව වෙරළ තීරය යළි නිර්මාණය කර තිබේ . 

 

පසුගිය ජුලි 16 වන දින වෙරළ යළි විවෘත කිරීමේ සමාරම්භය වෙනුවෙන් උත්සවයක් පැවැති අතර ආරක්ෂාව සඳහා යාඥා කිරීමේ චාරිත්‍රයේදී සහ ආරම්භක අවස්ථාවේදී නාගරික Naraha ප්‍රාථමික පාසලේ සිසුන් ඔවුන්ගේ පාසල් ගීතය ගායනා කළ අතර Hula නැටුම් සංදර්ශනයකින් ද පැමිණ සිටි ජනතාවට සංග්‍රහ කළහ.

93 Views

Comments