දින 3ක සති අන්තය වෙනුවෙන් කාර්යබහුල වූ නැගෙනහිර ජපානයේ Kamakura නගරය 


Kamakura වෙරළ තීරය ජනාකීර්ණ වේ

.

වසර තුනකට පසු ප්‍රථම වතාවට දේශීය වෙරළ තීරය මහජනතාව වෙත නැවත විවෘත කිරීමත් සමඟ රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත ව්‍යාප්තියේ හදිසි වැඩිවීම නොතකා Tokyo ප්‍රාන්තයට දකුණින් පිහිටි Kanagawa ප්‍රාන්තයේ සංචාරක උණුසුම් ස්ථානයක් වන Kamakura වෙරළ තීරය ජූලි 16 සිට 18 දක්වා වූ දිගු සති අන්තයේදී රටේ කාර්යබහුලම ස්ථානයක් බවට පත් කරමින් නරඹන්නන්ගෙන් පිරි ඉතිරී යාම සිදුවිය . 

 

Kamakura දුම්රිය ස්ථානයට පෙර හමුවන Komachi වීදිය දිගේ දක්නට ලැබෙන ආපනශාලා සහ සිහිවටන සාප්පු ද මේ දිනවල සංචාරකයින්ගෙන් පිරී ගොස්‌ ඇති අතර ආපන ශාලා වල මේස පාරිභෝගිකයින්ගෙන් පිරී යාම නිසා අවස්ථාවක් හිමිවන තුරු ජනතාව අවන්හල් ඉදිරිපිට පෝළිම් ගැසී සිටින අයුරු පවා මෙහිදී දක්නට ලැබිණි. 

 

" මම අවසන් වරට මේ ස්ථානයට පැමිණ වසර තුනක් ගත වී ඇති අතර, මට මෙම අවස්ථාව මග හැරුණහොත්, ඊළඟට එවැනි දිනයක් පැමිණෙන්නේ කවදාදැයි මම නොදනිමි. වෙරළ ජනාකීර්ණ ස්ථානයක් බවට පත්ව ඇති බැවින් COVID-19 වෛරසයට එරෙහිව ප්‍රවේශම් සහගත පියවර ගැනීම වෙනුවෙන් දේවල් මිලදී ගැනීමෙන් සහ කෑමෙන් වැළකී සිටීමට මම  කැමතියි " යනුවෙන් Tokyo සිට රාත්‍රී දෙකක් ගත කිරීම සදහා සිය පවුලේ අය සමඟ Kamakura වෙත පැමිණි 49 හැවිරිදි කාන්තාවක් මෙහිදී අදහස් දක්‌වමින් කියා සිටියාය. 

 

වසංගතය ආරම්භ වූ දා සිට පළමු වතාවට Yuigahama වෙරළ තීරයේ පිහිටි කඩපොළවල් සියල්ලක්‌ම පාහේ සිය ගනුදෙනුකරුවන් පිළිගත් අතර ඒවායේ හිමිකරුවන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ "පසුගිය වසර දෙක තුළ කිසිදු ඉපැයීමක් නොතිබුණි, එබැවින් අපි මෙතැන් සිට නැවත ක්‍රීඩාවට පිවිසීමට කැමතියි. කාර්යබහුල සෙනඟගේ දර්ශනය පමණක් අප හට සතුටක් ගෙන දීමට ප්‍රමාණවත්ය" යනුවෙනි.

88 Views

Comments