ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ජපාන කණ්ඩායමෙන් තවත් Corona ආසාධිතයෙකු තහවුරු වෙයි


Hitomi Niiya කොරෝනා ආසාදනය වෙයි

.

මැරතන් ධාවන ශූර Hitomi Niiya හට උණ වැළඳී තිබීම හේතුවෙන් සඳුදා දින පැවති කාන්තා මැරතන් තරගයෙන් පවා ඉවත් වීමට සිදුව තිබූ අතර සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා Corona වෛරසය හදුනාගැනීම වෙනුවෙන් සිදුකරනු ලබන පරීක්ෂණ වෙතට යොමු කර තිබූ ඇය එහිදී ධනාත්මක බව තහවුරු කළ ජපන් කණ්ඩායමේ 11 වැනි සාමාජිකයා බවට පත් වූ බව ජපාන මලල ක්‍රීඩා සම්මේලනය ඉරිදා ප්‍රකාශ කළේය.

 

කණ්ඩායම් සාමාජිකයෙකු වූ Mao Ichiyama ද මීට පෙර වෛරසය සදහා ධනාත්මක බවට තහවුරු වූ අතර, තරඟයේ 4 වන දිනය වනවිට කිලෝමීටර් 42.195 ධාවන තරඟයේ ඉතිරිව සිටි එකම ජපන් ජාතික ක්‍රීඩකයා බවට Mizuki Matsuda පත් විය.

 

මීට පෙර කණ්ඩායමේ පුහුණුකරුවන් තිදෙනෙකු ද වෛරසය සදහා ධනාත්මක බවට තහවුරු වූ අතර, Ichiyama ගේ සැමියා, කණ්ඩායමේ සෙසු මැරතන් ධාවකයෙකු වන Kengo Suzuki මෙන්ම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන Kazuhiko Yamazaki යන සියලු දෙනාම COVID-19 ආසාදිත ලැයිස්තුවේ සිටින බව ජාතික මලල ක්‍රීඩා පාලක මණ්ඩලය මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

100 Views

Comments