ජවන හා පිටිය ලෝක ශූරතාවලියේ රන් පදක්කම හිමිකර ගත් යුක්‍රේන ක්‍රීඩිකාව 


ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලි ජයග්‍රහණයක් යුක්‍රේනයට හිමිවෙයි

.

රුසියාවේ යුක්‍රේන යුද්ධය ආරම්භ වීමත් සමඟ තම මව් නගරය වූ Dnipro වෙතින් පලා ගිය 20 හැවිරිදි උස පැනීමේ ශූර Yaroslava Mahuchikh සර්බියාවේ දේශසීමාව තරණය කරමින් සිදුකළ කටුක සංචාරයකින් මාස හතරකට පසුව ලොව දුරින් පිහිටි Oregon හි Eugene ක්‍රීඩා පිටියේ පවත්වනු ලැබූ ජවන හා පිටිය ලෝක ශූරතාවලියට සහභාගී වී අනේක විධ අභියෝග මධ්‍යයේ රන් පදක්කම තමන් සතු කර ගැනීමට සමත් වුවාය .

 

"තම මවගෙන්, පියාගෙන්, සීයා සහ සහෝදරියගෙන් සමුගන්නා විට, එය අවසන් වරට වන්නට ඇතැයි යනුවෙන් තමන්ට දැනුනු බිය කිසි විටෙකත් සොලවන්නට නොහැකි වූ බවත් යුද්ධයක් සිදු වන විට, ඕනෑම නගරයක් ආරක්ෂිත බව පැවසීම අතිශයින් සංකීර්ණ" බවත් ඇය යුද්ධය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් පැවසුවාය. 

 

ඇගේ ප්‍රධාන ප්‍රතිවාදියා, සහ තුන් වතාවක් ලෝක ශූරිය බවට පත්වූ රුසියානු ජාතික Maria Lasitskene හට රුසියාවේ ආක්‍රමණකාරී ක්‍රියාකලාපය හේතුවෙන් තරඟ තහනමක් පනවා තිබූ බැවින් තරඟ කිරීමට ඉඩ නොලැබුණු අතර ලෝක මලල ක්‍රීඩා සභාපති Seb Coe මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ "ලෝකයේ තරඟ කරන යුක්‍රේන ජාතිකයින් 22 දෙනා හට මේ තත්ත්වයට පැමිණීමට ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන, ඔවුන්ට එරෙහිව නැගී සිටීමට රුසියානුවන්ට මෙහි ඉඩ දෙනු ඇතැයි සිතීම 'කිසිසේත් සිතිය නොහැකි' දෙයක් බවයි."

Comments