ජපානය COVID-19 වසංගතයේ හත්වන රැල්ලට ගොදුරු වෙයි


ජපානේ තවත් corona රැල්ලක් මතු වන සලකුණු ඇති වෙයි

.

ජුලි 18 වන සඳුදා දින රටේ විවිධ ප්‍රදේශවලින් නව Corona වෛරස ආසාදිතයින් 76,200 දෙනෙකු සහ තහවුරු කරන ලද මරණ 19 ක්

වාර්තා වී තිබූ අතර දරුණු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර සිටින ආසාදිතයින් සංඛ්‍යාව 144  ක් ලෙස සටහන් විය. 

 

ජපාන අගනුවර වන Tokyo නගරයෙන් නව ආසාදිතයින් 12,696 ක් වාර්තා වූ අතර  Kanagawa ප්‍රාන්තයෙන්  9445 ක්‌, Saitama ප්‍රාන්තයෙන් 5639 ක්, Osaka ප්‍රාන්තයෙන් 4859 ක්‌, Fukuoka ප්‍රාන්තයෙන් 4187 ක් , Chiba ප්‍රාන්තයෙන් 4181 ක්, Hyogo ප්‍රාන්තයෙන්

3302 ක්, Aichi ප්‍රාන්තයෙන් 3258 ක් සහ Okinawa ප්‍රාන්තයෙන් 1990 ක් ලෙස ඉහළ නව ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා විය. 

 

රටේ අනෙකුත් ප්‍රාන්ත වලින් 1000 සීමාවට වඩා අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් සොයා ගෙන තිබූ අතර වසංගතයේ අධික ව්‍යාප්තිය අවම කරගැනීම වෙනුවෙන් රජය විසින් මේ වනතෙක් සැලකිය යුතු කිසිදු පියවරක් ගෙන නොමැත.

173 Views

Comments