අතිවිශාල ලෙස පහත වැටුණු ප්‍රාථමික හා මධ්‍යම පාසල් සිසුන්ගේ ප්‍රතිශතය


ජපානයේ මධ්‍යම හා ප්‍රාථමික පාසල් වලට ඇතුළු වන සිසුන් සංඛ්‍යාව බොහෝසෙයින් අඩුවේ

.

ජපානය පුරා විවිධ ප්‍රදේශවල සිට ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල් වෙත අධ්‍යාපන ලැබීම සඳහා වාර්ෂිකව ඇතුළු වන සිසුන් සංඛ්‍යාව දශකයකට පෙර සිට 2020 දී මිලියන 9.56 ක් දක්වා මිලියන 1කින් පමණ පහත වැටී ඇති බව මෑතකදී සිදු කරන ලද රජයේ සමීක්ෂණයක් මගින් හෙළිවී ඇති අතර එමගින් රටේ ජනගහනයේ සීග්‍ර වයස්ගත වීම අවධාරනය කෙරේ .

 

රටේ මහ නගර සභා 1892 න් 346 ක  අනිවාර්ය අධ්‍යාපන ක්‍රමයේ යටතේ ලියාපදිංචි විය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව පසුගිය වසර 10 තුළදී 30% කට වඩා අඩු වී ඇති අතර ඒ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල එවැනි පාසල් වසා දැමීමට සහ පාසල් කීපයක් ඒකාබද්ධ කිරීමට වේගවත් පියවර ගෙන තිබේ. ජපානයේ දරුවන් මූලික අධ්‍යාපනය සදහා ප්‍රාථමික සහ කනිෂ්ඨ උසස් පාසලට සහභාගී වීම අනිවාර්ය දෙයක් වන නමුත් දැනට පවතින ශිෂ්‍ය හිඟතාවය නිසා රටෙහි ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල් සංඛ්‍යාව 3,000 කින් පමණ පහත වැටී 29,793 ක් ලෙස සටහන්ව ඇත.  

 

මෙහි විශාලතම පරිහානිය Fukushima ප්‍රාන්තයේ Okuma නගරයෙන් වාර්තා වූ අතර 2011 දී ඇති වූ දැවැන්ත භූමිකම්පාව සහ සුනාමියෙන් අවුලුවන ලද නගරයේ Fukushima Daiichi බලාගාරයේ න්‍යෂ්ටික ව්‍යසනයෙන් පසු ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම එයට හේතුවයි. ඊට අමතරව Nara ප්‍රාන්තයේ Kamikitayama ගම්මානයේ , Gunma ප්‍රාන්තයේ Nammoku ගම්මානයේ , Nagano ප්‍රාන්තයේ Otaki ගම්මානයේ පිහිටි පාසල්වලින් ප්‍රධාන පහත වැටීම් වාර්තා වී තිබේ . 

 

කෙසේ නමුත් දරුවන් සිටින නිවෙස්වලට ආධාර කිරීම සඳහා පියවර ගෙන ඇති නාගරික ප්‍රදේශ මෙන්ම මහ නගර සභා බල ප්‍රදේශ වල එනම් Tokyo, Fukuoka, Aichi සහ Osaka වැනි නගර සභා 237 ක පාසල් යන දරුවන්ගේ ප්‍රතිශතය

ඉහළ ගොස් තිබිණි.

135 Views

Comments