තම මිතුරියගේ නිවසින් මුදල් සොරකම් කළ අපූරු මිත්‍රයා


මිතුරිය ගෙන් මුදල් සොරකම් කර මිතුරා අත්අඩංගුවට පත්වෙයි

.

Hokkaido හි පිහිටි 35 හැවිරිදි කාන්තාවකගේ නිවසකින් යෙන් මිලියන 6.8 ක පමණ වටිනාකමකින් යුතු මුදල් සොරකම් කළ බවට සැකපිට Keisuke Kiba නම් 32 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු Chitose හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

කාන්තාව විසින් කළමනාකරණය කරනු ලබන අවන්හලක පාරිභෝගිකයෙකු ලෙස Kiba දෛනිකව එහි ගොස් ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා මිතුරන් බවට පත්ව තිබේ. පසුව ඔහු විසින් නිරතුරුවම පාහේ කාන්තාවගේ නිවසට පැමිණ ගොස් ඇති බව ද පොලිසිය මෙහිදී සඳහන් කළේය.

 

පසුගිය මැයි අග සිට ජූලි 7 දක්වා වූ කාලය තුළදී ඇගේ නිවසින් කුඩා මුදල් ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති බව දුටු ඇය ඒ පිළිබඳව Kiba ගෙන් විමසා ඇති අතර එම අවස්ථාවේදී චෝදනාව ප්‍රතික්ෂේප කළ ඔහු නැවත ඇය ඉදිරියට නොපැමිණි බවට ඇය විසින් පොලීසියට පවසා තිබේ. 

 

කාන්තාව සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව සිදුකළ විමර්ශන කටයුතු වලදී Kiba නම් සැකකාර පසුගිය සතියේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. "තමන් විසින් මුදල් ඇගේ නිවසින් මුදල් සොරකම් කළ බවට ඔහු පිළිගෙන ඇති බවත් එය තුරඟ තරඟ වල ඔට්ටු ඇල්ලීම සඳහා භාවිතා කළ බවට පැවැසූ බවත්"  මෙහිදී Kiba උපුටා දක්‌වමින් පොලීසිය පැවැසීය.

93 Views

Comments