ජපානය  සහ අයර්ලන්තය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරේ


ජපානය හා අයර්ලන්තය අතර සබඳතා වර්ධනය වෙයි

.

ජපාන අගමැති Fumio Kishida සහ ඔහුගේ අයර්ලන්ත සගයා වන Micheal Martin අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බදාදා දින ආරම්භ වූ අතර ඉන්දු-පැසිෆික් කලාපය තුළ චීනයේ වැඩෙන යුධමය ස්ථාවර තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටීමටත්, ආර්ථික සම්බාධක හරහා යුක්‍රේනයේ සිදුකළ අමානුෂික ආක්‍රමණය වෙනුවෙන් රුසියාවට “දරුණු ප්‍රතිවිපාකවලට” මුහුණ දීමට සිදු වන බවට වග බලා ගැනීමටත් දෙරටේ නායකයෝ සාකච්ඡා අතරතුරදී එකඟ වී තිබේ.

 

මෙහිදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් "යුක්‍රේනයට එරෙහිව රුසියාව විසින් සිදු කරනු ලබන 'තැතිගැන්වීමක් සහිත විනාශකාරී ප්‍රහාර' හෙළා දකින බවත් 'යුක්‍රේනයේ මුළු භූමි ප්‍රදේශයෙන්ම' සිය හමුදා ඉවත් කර ගන්නා ලෙස Moscow වෙතින් ඉල්ලා සිටින බවත්" ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ. 

 

අයර්ලන්තය ජපානය සමඟ 'මූලික වටිනාකම් බෙදාහදා ගන්නා වැදගත් හවුල්කරුවෙකු' ලෙස හඳුන්වමින්, සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් Kishida කියා සිටියේ " යුද්ධයට මුහුණ දීමේදී රජයන් දෙක 'ඊටත් වඩා සමීප සහයෝගීතාවයක්' ප්‍රවර්ධනය කරන බවත්, එය පෙබරවාරි අග සිට ආරම්භ වූ දා පටන් නතර වීමේ සලකුනු නොපෙන්වන බවත්" ය  .

79 Views

Comments