Sakhalin මළ සිරුරේ DNA සංචාරක Kazu I බෝට්ටු මගියාට ගැලපෙන බව සොයා ගැනේ


Kazu1 බෝට්ටු මඟියාට ගැලපෙන DNA මළ සිරුරකින් හමුවේ

.

නැගෙනහිර Hokkaido ප්‍රාන්තයේ Shiretoko අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදේදී පසුගිය අප්‍රේල් මාසයේ ගිලී ගිය Kazu I සංචාරක යාත්‍රාවේ ගමන් කළ මගියෙකුගේ DNA වාර්තාව සමඟ Sakhalin දූපතෙන් හමු වූ බවට ජුනි මාසයේදී ජපානයට වාර්තා වූ මළ සිරුරෙන් ලබා ගත් DNA වාර්තාව අනුරූප වී ඇති බවට රුසියාව ජුලි 19 වැනි දින ප්‍රකාශයට පත් කළ බව ජපාන වෙරළාරක්ෂක බලකායට (JCG) සමීප මූලාශ්‍රයක් සදහන් කළේය. 

 

මළ සිරුර ජපාන රජය වෙත ලැබීමෙන් පසු පුද්ගලයාගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමට වෙරළාරක්ෂක නිලධාරීන් අදහස් කරන අතර එය 50 හැවිරිදි වියේ පසුවූ Hokkaido වැසියෙකුගේ විය හැකි බවට අනුමාන කෙරේ. 

 

දකුණු Sakhalin දූපතේ තිබියදී ජපන් ජාතිකයෙකුගේ යැයි සැලකෙන මළ සිරුරක් සොයාගෙන ඇති බවට පසුගිය ජූනි 28 වන දින රුසියානු පාර්ශවයෙන් JCG දැනුවත් කරන ලදී. පුද්ගලයා "Kazu" යනුවෙන් සටහන්ව තිබූ ජීවිතාරක්ෂක කබායක් පැළඳ සිටි බවත් ඔහු සතුව තිබූ අනෙකුත් භාණ්ඩ අතර ජංගම දුරකථනයක්, ඔරලෝසුවක් සහ මෝටර් රථ යතුරක් තිබූ බවත් රුසියානු නිලධාරීන් පවසා තිබේ. මෙම තොරතුරු මත පදනම්ව ජපාන බලධාරීන් බෝට්ටු මගීන්ගේ DNA සාම්පල ජූලි මස මුලදී රුසියාවට යවා ඇති බව පැවසේ.

 

Kunashiri දූපතේ තිබී මැයි මාසයේදී සොයා ගන්නා ලද පිරිමි පුද්ගලයෙකුගේ සහ කාන්තාවකගේ මළ සිරුරු වල DNA වාර්තා ද Kazu I  මගීන්ගේ DNA වාර්තා වලට සමාන වූ බැවින්  මළ සිරුරු තුනම ජපානයට භාරදීම සඳහා ජපන් සහ රුසියානු පාර්ශවයන් සම්බන්ධීකරණය කරමින් සිටින බව වාර්තා වේ.

81 Views

Comments