ටොයෝටා සමාගම වාහන මිලියන 11 ක් සැලසුම් කරයි


එළඹෙන අප්‍රේල් මාසේ න් පටන් ගන්නා නව පිස්කල් වර්ෂය සඳහා ටොයෝටා සමාගම වාහන මිලියන 11 ක් ගෝලීය වශයෙන් නිෂ්පාදනය ??

.

එළඹෙන අප්‍රේල් මාසේ න් පටන් ගන්නා නව පිස්කල් වර්ෂය සඳහා ටොයෝටා සමාගම වාහන මිලියන 11 ක් ගෝලීය වශයෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. එම වර්ෂයට කලින් සැලසුම් කර තිබු වාහන ප්‍රමාණයට වඩා එය22%ක ඉහළ අගයකි.

 

කෙසේ වෙතත් සමාගම සැලසුම් කර ඇති පරිදි මෙම වාහන ඉලක්කය සපුරා ගැනීම කොරෝනා වසංගතය හමුවූයේ උද්ගතවී ඇති වාහන අමතර කොටස් සහ අර්ධ සන්නායක හිඟය හේතුවෙන්  හැකිවේවිද යන්න බොහෝ දෙනාගේ මතයයි.

 

 

2022 වර්ෂයේ මාර්තු මස සිට  මිලියන නමයක් නිෂ්පාදනය කර නිමා කිරීමට පෙර අදහස් කරගෙන සිටි නමුත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වූ බැවින් එම ඉලක්කය සපුරා ගැනීමට ටොයෝටා සමාගමට නොහැකි වුණි.

275 Views

Comments