ජපානය පුරා නොයෙකුත් ප්රාන්තවලින් covid වසංගතය නැවත හිස එසවීමත් සමඟ ඔකිනාවා ප්රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ නර්තන උළෙල කල් දමා තිබේ.
මෙය එම ප්රාන්තයේ පැවැත්වෙන විශාල මහා විශේෂතම වීදි නර්තන උළෙලක් වන අතර ජපානයේ බොහෝ සාම්ප්රදායික නර්තන අංග එහිදී දක්නට ලැබේ.පසුගිය 2021 සහ 2020 යන වර්ෂවල දී ද කොයි වසංගතය හේතුවෙන් මෙම නර්තන උළෙල පැවැත්වීමට හැකියාවක් තිබී නැත. මෙවර අගෝස්තු මාසයේදී මෙය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඔකිනාවා ප්රාන්තයේ ද දෛනික වාර්තා වන කොවිඩ් ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් දින නියමයකින් තොරව මෙම උළෙල කල් දැමීමට සංවිධායකයන් තීරණය කර තිබේ