න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කළ ජපානය


යුක්රේනයට එල්ලවූ න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීම පිළිබඳව ජපානයේ අවධානය යොමු කරයි

.

යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිත කරන බවට රුසියාව විසින් එල්ල කළ තර්ජනයෙන් පසුව ජපානයේ ආරක්ෂක ප්‍රතිපත්තිය තුළ 'න්‍යෂ්ටික නිරෝධායනය' මූලික ස්ථානයට පත්ව ඇති නමුත් න්‍යෂ්ටික ප්‍රහාරයක බිහිසුණු බව අත්විඳි එකම රට ලෙස න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡා මෙහෙයවීමට ජපානය නිරතුරුව කැපවී සිටී.

 

"රුසියාව ගෝලීය වශයෙන් සිදුකළ න්‍යෂ්ටික තර්ජනය හමුවේ චීනය සහ උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික අවි මගින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය යලි යලිත් තහවුරු කර ඇත. එයින් අදහස් වන්නේ චීනයේ නිරායුධ කිරීමේ පියවර හෝ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සඳහා ඇති අපේක්ෂාවන් හීන වීම පමණක් නොව, න්‍යෂ්ටික යුද්ධයකට තර්ජනය කිරීම මගින් ඕනෑම රටක ඇතිවන අර්බුදයකට ඍජු ප්‍රතිචාර දැක්වීමේ සම්භාවිතාව වැඩි වීමයි. වැළැක්වීම විශ්වසනීයව පවතින බව සහතික කිරීම සඳහා ජපානය මේ මොහොතේදී සිය ආරක්ෂක අයවැය වැඩි කිරීම වැනි විශාල කැපවීමක් පෙන්විය යුතුයි " යනුවෙන් Keio විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ විශේෂඥ Ken Jimbo උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් කියා සිටියේය .

 

න්‍යෂ්ටික ඇතුළු ආයුධ රාශියක හැකියාවන් විශාල පරාසයකින් ජපානය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම පෙන්වන 'ප්‍රහාර වැළැක්වීමේ'  විශ්වාසනීය සහ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීමේ වැදගත්කම ජපානය සහ එක්සත් ජනපදය  විසින් මෑතකදී යළිත් වරක් තහවුරු කළ නමුත් දිගුකාලීනව ඇති විය හැකි දැවැන්ත අවදානම සැලකිල්ලට ගත් විට න්‍යෂ්ටික ප්‍රහාරයක අභිමුව සිටින රටක කැපවීම විශ්වාස කළ හැකිද යන්න පිළිබඳ අවිනිශ්චිත භාවයක් මේ වනවිට රටතුළ ගොඩනැගී ඇති බව වාර්තා වේ .

Comments