වසර 24 කට පසු පලමු වරට ජපාන අහසේ දර්ශනය වූ අඟහරු ග්‍රහණය


ජපාන අහසේ අගහරු ග්‍රහණයක් දර්ශනය වේ

.

ජූලි 21 වැනි දින රාත්‍රියේ සිට පසුදා අලුයම දක්වා වසර 24 කට පමණ පසු පළමු වරට අති දුර්ලභ අඟහරු ග්‍රහණයක් ජපාන අහසේ සිදුවූ අතර නිරිත දෙසින් පිහිටි Kyushu කලාපයේ සහ Okinawa ප්‍රාන්තයේ හැර ඉතිරි ප්‍රදේශවල රාත්‍රී අහස නිරීක්ෂණය කළ වැසියන්ට ජපාන අහසට ඉහළින් අඟහරු ග්‍රහයා සඳ පිටුපස සැඟව සිටි තාරකා විද්‍යාත්මක සංසිද්ධිය දැකගත හැකි විය. 

 

ජූලි 22 වැනිදා අලුයම 12.15 පමණ වන විට අඟහරු ග්‍රහණය අවසන් වෙමින් පැවති අතර Tokyo තදාසන්න නගරයක් වන Mitaka හි ඉහළ අහස එක්වරම වලාකුළුවලින් වැසී ගිය බැවින් චන්ද්‍රයා පිටුපස සැඟවා සිටි අඟහරු ග්‍රහයා නැවත දර්ශනය වීම තහවුරු කළ නොහැකි විය. කෙසේ නමුත් මඳ වේලාවකට පසුව 0.3 ක විශාලත්වයකින් යුක්තවූ රතු ග්‍රහලෝකය වලාකුළු අතර පිහිටි සඳ අසලින් දැකගත හැකි විය.

 

ජපාන අහසේ පායන මීළඟ අඟහරු ග්‍රහණය 2042 මාර්තු 4 වැනිදා සිදුවනු ඇතැයි විද්‍යාඥයින් විසින් මේ වනවිට ගණන් බලා ඇති බැවින් ජපාන වැසියන්ට තවත් වසර 20ක කාලයක් ගත වන තුරු රාත්‍රී කාලයේ සැඟවී සිටින අගහරු ග්‍රහයාගේ තාරකා විද්‍යාත්මක ක්‍රීඩාව නැරඹීමට නොහැකි වනු ඇතැයි පැවැසේ.

98 Views

Comments