K2 කඳු මුදුනට ළඟාවූ පකිස්ථානයේ සහ ඉරානයේ පලමු කාන්තා නියෝජනය


K2 කඳු මුදුනට කාන්තා යුගලයක් ලගාවේ

.

ලොව උසම හා භයානකම කඳු මුදුන්වලින් එකක් වන K2 තරණය කර එහි කඳු මුදුනටම පැමිණීමට සහ තම රට නියෝජනය කරමින් නව වාර්තාවක් පිහිටුවීමට පකිස්ථානයේ සහ ඉරානයේ කාන්තාවන් දෙදෙනෙකු සමත් වී ඇති බව වාර්තා වේ.

 

පකිස්ථානයේ උතුරු ගම්මානයේ වාසය කළ 32 හැවිරිදි කඳු නගින්නියක් වන Samina Baig සිකුරාදා දින අඩි 28,250 ක් උසින් පිහිටි K2 කඳු මුදුනේ කොළ සහ සුදු පැහැයෙන් යුතු පාකිස්තානයේ ජාතික ධජය එසවීමට සමත් වූ අතර ඉරාන මාධ්‍ය වාර්තා වලට අනුව පසුගිය මැයි මාසයේදී එවරස්ට් කඳු මුදුනට පැමිණි තෙවැනි කාන්තාව බවට පත් වූ ඉරානයේ Afsaneh Hesamifard K2 මුදුනට පැමිණි අනෙක් කාන්තාව බවට පත්විය.  

 

Karakorum කඳුවැටියේ චීන-පකිස්තාන දේශසීමාවේ පිහිටා ඇති K2 යනු කඳු වැටිය තරණය කර ආපසු බැස යන බොහෝ මිනිසුන්ට අතරමගදී මරණය ගෙන දෙන මාරාන්තික වාර්තා වලින් එකකි. එය එවරස්ට් කන්දෙන් පසු දෙවන උසම ස්ථානය පමණක් නොව, එහි නැගීම සහ බැසීම ලෝකයේ උසම ස්ථානයට වඩා බොහෝ අභියෝගාත්මක යැයි සැලකේ. 

 

කඳු නැගීමේදී හමුවන ශීතලම සහ සුළං අධිකම මාර්ගය K2 ලෙස සැලකෙන අතර එහි ඇතැම් ස්ථාන වලදී කඳු නගින්නන් නිරන්තර හා අනපේක්ෂිත හිම කුණාටු වලක්වා ගනිමින් අංශක 80 කින් ඉහළ යන පාෂාණ මුහුණු ආසන්නයේ සැරිසැරිය යුතු වේ.එනිසාම එහි මුදුනට සාර්ථකව ළඟා වී ඇත්තේ කන්ද තරණය කිරීමට එක්වූ දහස් ගණනකින් සිය ගණනක් පමණක් බව පැවැසේ.

Comments