ගිම්හානයේ තාපය පරාජය කිරීමට උත්සාහ කරන විට 'අයිස් මල්' විකුණුම් සශ්‍රීක වේ


ජපානයේ අයිස් මල් වෙළඳාම ඉතා සාර්ථකයි

.

ජපාන අගනුවර Kita Ward හි පිහිටා ඇති Onoda Shoten අයිස් නිෂ්පාදක සමාගම විසින් කෘතිම මල් යොදාගනිමින් සාදනු ලබන "අයිස් මල්" ලෙස හැඳින්වෙන අයිස් කුට්ටි සහ පාරිභෝගිකයන්ගේ ඇස පිනවීම සඳහා නිර්මාණය කර ඇති අනෙකුත් අයිතම සදහා හිමිවන ඇණවුම් ප්‍රමාණය, ගිම්හානයේ උෂ්ණත්වය දෛනිකව වැඩි වීමත් සමග ඉහළ යමින් පවතින බව වාර්තා වේ .

 

අවන්හල් වෙත නැව්ගත කිරීම සඳහා 98 හැවිරිදි අයිස් නිෂ්පාදකයා විසින් සාමාන්‍යයෙන් දිනකට අයිස් මෙට්‍රික් ටොන් 80 ක් පමණ සියලු කම්හල්වල ක්‍රියාකාරීත්වයෙන් නිපදවනු ලබයි. නමුත් COVID-19 වසංගතය මධ්‍යයේ සමාගමේ ඇණවුම් ප්‍රමාණය අඩකටත් වඩා අඩු වී ඇති බැවින් විකුණුම්වල වෙනස පිරිමැසීම වෙනුවෙන් සිය අයිස් මල් නිෂ්පාදිතය වැඩි කිරීමට සමාගම පියවර ගෙන තිබේ .

 

නැගෙනහිර ජපානයේ Kanto කලාපයේ වැසි සමය වෙන වසරවලට සාපේක්ෂව මේ වසරේදී ඉතා ඉක්මනින් අවසන් වූ අතර ප්‍රදේශය තුළ ඉහළ උෂ්ණත්වයක් දැකිය හැකි විය. ඒ හේතුවෙන් පසුගිය ජුනි මාසයේ සිට සමාගමේ නිෂ්පාදන සඳහා Kanto කලාපයෙන් හිමිවන ඉල්ලුම වේගයෙන් වැඩි වෙමින් පවතී.

 

මෙම පැහැදිලි ස්ඵටික අයිස් කුට්ටි නිර්මාණය කිරීම සඳහා දින 10 ක් පමණ ගත වන අතර "අපි COVID-19 වෛරසයේ මෑත කාලීන පුනර්ජීවනය ගැන සැලකිලිමත් වන නමුත්, ආපනශාලා ඉල්ලුම යථා තත්ත්වයට පත්වීමෙන් සහ නිෂ්පාදිතය නැවත ආරම්භ වීමෙන් මෙවර ගිම්හානයේදී හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා" යනුවෙන් Onoda Shoten සමාගමේ විකුණුම් දෙපාර්තමේන්තු නියෝජිතයෙකු මෙහිදී අදහස්‌ දක්‌වමින් පැවැසීය.

102 Views

Comments