නීතිවිරෝධී රූගත කිරීමක් සිදු කළ ගුරුවරයෙකු අත්අඩංගුවට පත්වෙයි


දැරියක් අසභ්‍ය ලෙස වීඩියෝ ගත කළ ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනේ

.

Shimane ප්‍රාන්තයේ Matsu හි පිහිටා ඇති ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන නව යොවුන් වියේ දැරියකගේ සායක් තුළට කැමරාවක් යොමු කර ඇගේ සිරුරේ යටිකය ප්‍රදේශය රූගත කරමින්, මහජන සාමයට බාධා කළ බවට සැකපිට එම පාසලේ සේවය කළ 30 හැවිරිදි  ගුරුවරයෙකු ප්‍රාදේශීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

 

සෙනසුරාදා පස්වරු 2.30ට පමණ ප්‍රදේශයේ සාප්පු සංකිර්ණයක පිහිටා ඇති ගබඩාවක් තුළදී මෙය සිදුවී තිබෙන අතර පුද්ගලයා දැරියගේ සාය තුළට කැමරාව යොමු කරන ආකාරය දුටු වෙළඳසැලේ සේවකයෙකු පොලිසිය අමතා සිද්ධිය පිළිබඳව පවසා තිබේ. 

 

පසුව නිලධාරීන් පැමිණ ඔහුව අත්අඩංගුවට ගන්නා විටදීත් සැකකාර පුද්ගලයා ගබඩාවේ සිට ඇති අතර ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය රාජසන්තක කිරීමෙන් අනතුරුව සැකකරු විසින් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිගත් බව පොලිසිය මෙහිදී සඳහන් කළේය.

90 Views

Comments