ලොව වඩාත්ම විපත්තිදායක රටක් වූ පිලිපීනයේ උතුරු ප්‍රදේශය සෙලවී යයි


පිලිපීනයෙන් තවත් භූමිකම්පාවක් වාර්තා වේ

.

පිලිපීනයේ උතුරු කඳුකර ප්‍රදේශයක පිහිටා තිබෙන Abra පළාත තුළ රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූමිකම්පාවක් සහ ඒ අවට ප්‍රදේශය කේන්ද්‍රගත වූ තවත් සුළු කම්පන කිහිපයක් බදාදා දින හටගෙන ඇති බව වාර්තා වේ. 

 

මේ හේතුවෙන් අගනුවර වාසය කළ ජනතාවට තම නිවාසවලින් පලා ගොස් ආරක්ෂිත ස්ථාන වෙත ළගා වීමට සිදුවූ නමුත් මේ වනතෙක් කිසිදු ජීවිත හානියක් පිලිබඳ ක්ෂණික වාර්තා කිසිවක් ලැබී නොමැති බව පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය නිවේදනය කළේය. 

 

භූමිකම්පාව පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවත් මෙවැනි නොගැඹුරු භූමිකම්පා මගින් වැඩි හානියක් සිදු විය හැකි බවත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මෙහිදී සදහන් කළ අතර දැඩි සෙලවීම හේතුවෙන් ඇතිවූ කම්පනය මගින් ගොඩනැගිලි සහ නිවාස බොහොමයක් ඉරිතැලී ගොස් ඇති බව පැවැසේ.

Comments